Latestදේශීය

රාජ්‍ය භාෂා සතිය වෙනුවෙන් අනුරාධපුරයේ වැඩසටහන් රැසක්

රාජ්‍ය භාෂා සතියේ දී කිලිනොච්චියේ පැවැති ප්‍රධාන වැඩ සටහනට සමගාමිව අනුරාධපුර දිස්ත්‍රික්කය තුල වැඩ සටහන් රාශියක් ක්‍රියාත්මක කෙරිණි.

රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරිම, ගුරුවරුන් දැනුවත් කිරිම හා පාසල් ළමුන් දැනුවත් කිරිම ඒ අතරින් සිදුකළ ප්‍රධාන වැඩසටහන් කිහිපයකි. ගුරුවරුන් හා පාසල් ළමුන් දැනුවත් කිරිම මේ වන විට පාසල් 10 ක් තුල සිදු කර අවසන් ය. මෙම දැනුවත් කිරිම් අනුරාධපුර අධ්‍යාපන කලාප 5 ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරයි. ඒ අතර පසුගි දා කැබ්තිගොල්ලෑව, පුනෑව හා අනුරාධපුර පාසල් තුනක දැනුවත් කිරිමේ වැඩ සටහන් ක්‍රියාත්මක විය.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ජාතික භාෂා අංශය මගින් මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරයි. අමාත්‍යංශය හා සම්බන්ධීකරනය සිදු කරන්නේ අනුරාධපුර දිස්ත්‍රික් ජාතික එකාබද්ධතා ප්‍රවර්ධන සහකාර පී.එන්.ඩී.බී. ගුනරත්න මහතා විසිනි. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතාගේ උපදෙස් හා මග පෙන්විම මත දිස්ත්‍රික් භාෂා ප්‍රවර්ධන නිලධාරි රෂ්මි ලතීෆ් මහතා විසින් මෙම වැඩ සටහන් අනුරාධපුර දිස්ත්‍රිකකය සදහා සම්බන්ධිකරණය කරයි. 9 වසර ළමුන් ඇතුලුව ඊට ඉහල වසරවල ළමුන් මේ සදහා යොමු කරගෙන තිබේ.

ශ්‍රි ලංකාව තුල පවතින රාජ්‍ය භාෂා වන්නේ සිංහල හා දෙමළ භාෂාවන් ය. එහෙයින් අප රටතුල සිටින සෑම පුරවැසියෙක්ම මෙම භාෂා දෙකම යම් අයුරකින් හෝ දැන සිටීම ඉතාම අගනේ ය. සිංහල හා දෙමළ භාෂාවන් සහහෝදර භාෂාවන් වේ. මන් ද මෙම භාෂා දෙකම සමානකම් රාශියක් පෙන්වයි. මෙම රාජ්‍ය භාෂා සතිය මගින් දෙවන බස ලෙස දෙමළ භාෂාව ඉගෙන ගැනිමට යම් රුකුලක් දිම සිදු කිරිමට අපෙක්ෂා කරන බව දිස්ත්‍රික් භාෂා ප්‍රවර්ධන නිලධාරි රෂ්මි ලතීෆ් මහතා ප්‍රකාශ කළේ ය. භාෂාවක් ඉගෙන ගැනිමට රුචියක් ඇති කිර ගැනිම මෙම රාජ්‍ය භාෂා සතිය තුල සිදු විය යුතු බව රෂ්මි මහතා වැඩිදුරටත් සදහන් කළේ ය.

විදුහල්පති වරුන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා ළමුන් මහත් උනන්දුවකින් මේ වැඩ සටහන් වලට සම්බන්ධ වු බව පෙනෙන්නට හා අසන්නට ලැබුණා. විවිධ ක්‍රියාකාරකම් හා ගීත ඇතුලත් මෙම වැඩසටහන ඔවුනට නවමු අද්දැකිමක් හා දැනුම් සම්භාරයක් එක්රැස්කර ගත හැකි ස්ථානයක් විය. එසේම භාෂාවක ඇති වැදගත් කම, තමා තව භාෂාවක් දෙකක් ඉගෙන ගත යුතුයැයි හැගීම මෙමගින් විශාල පිරිසකට හැකිවුහ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?