Latestදේශීය

විශේෂ ව්‍යවස්ථාදායක රැස්වීම අද

ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක් අද (14) පැවැත්වීමට නියමිතව ඇත.

අද පෙරවරු 9.30 ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්වේ. පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම රැස්වීම පැවැත්වීමට නියමිත බව වාර්තා වන අතර පාර්ලිමේන්තුව ජුලි 18 සිට 21 වනදා දක්වා රැස්වීමට තීරණය කර ඇත.

එම කාලය තුළදී රේගු ආඥාපනත සහ ආනයන හා අපනයන පාලන පනතේ රෙගුලාසි විවාදයට ගැනීමට නියමිත බව සදහන්.

එමෙන්ම දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ සහ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදය පැවැත්වීමට තීරණය කර ඇති අතර මහ බැංකු පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට ද නියමිතව ඇත.

අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය විවාදයකින් තොරව අනුමත කිරීමට සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ද එළඹෙන පාර්ලිමේන්තු සතියේදී පැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?