Latestදේශීය

සරම්ප රෝගය වැළඳුණු දරුවනගේ ඉහළයාමක්

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේමෙරට සරම්ප රෝගය වැළඳුණු ළමයින් සංඛ්‍යාවේ ඉහළ යාමක් වාර්තා වී ඇති බවයි.

මේ වනවිට එවැනි ළමුන් 20ක් හඳුනාගෙන ඇති බවද දරුවන් 7දෙනකු මේ වනවිට රිජ්වේ ආර්යා රෝහලේ ප්‍රතිකාර ලබන බව එම රෝහලේ ළමා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා සඳහන් කරනවා.

 ප්‍රතිශක්තිකරණය නොවූ බොහෝ දරුවන් අතරේ යළිත් සරම්ප රෝගය පැතිර යමින් ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් සරම්ප රෝගය සඳහා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා නොගත් ළමුන් හඳුනා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මක වන බව වසංගත රෝග විද්‍යා ඒකකය පැවසීය.

ඒ සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්ය මණ්ඩලවලට උපදෙස් දී ඇති බව එම ඒකකය පවසනවා.

කඩිනමින් එම ළමුන් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීම සඳහා යොමු කිරීමට සැලසුම් කර ඇති බව ද වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, මාස 9 හා අවුරුදු 3දී සරම්ප රෝගයට ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා දෙකක් ලබා දිය යුතු උවද විවිධ මිත්‍යා මත හේතුවෙන් සුළුතරයක් මව්පියන් ළමුන්ට එම ප්‍රතිශක්තිකරණය ලබා නෙදෙන බවට කරුණු හෙළිව ඇත.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලට ගොස් අවශ්‍ය ඕනෑම අවස්ථාවක මග හැරුණු සරම්ප රෝග ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගත හැකි බවද  විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා පවසනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?