Latestක්‍රීඩාදේශීය

තරුශි වාර්තාපිට වාර්තා තබමින් ආසියානු ශූරතා රන් පදක්කම දිනයි

දමයන්ති දර්ශාට පසු ආසියානු මළල ක්‍රීඩා ශූරතාවයක කේවල ඉසව්වකදී පදක්කමක් දිනාගත් ප්‍රථම පාසල් ක්‍රීඩිකාවබවට පත්වීමට වළල රත්නායක විද්‍යාලයේ තරුශි කරුණාරත්න ක්‍රීඩිකාව මීටසුලු වේලවකට ප්‍රථම සමත්වුණා.

ඒ  ආසියානු මළල ක්‍රීඩා ශූරතාවයේ අවසන් දිනය වූ අදදින පැවති කාන්තා මීටර 800 ඉසව්වේ අවසාන තරගයේ නව ශ්‍රී ලංකා වාර්තාවක් සහ ආසියානු ශූරතා වාර්තාවක් සමගින් ප්‍රථම ස්ථානයට පත්වෙමින්.

තරගයේ දෙවන වටයතෙක් ගයන්තිකා අබේරත්න සහ ඉන්දියානු ක්‍රීඩිකාවන් පසුපසින් ධාවනයේ යෙදුනු තරුශිකා අවසන් වටයේදී වේගවත් ධාවනයකින් ප්‍රථම ස්තානයට පත්වුනේ විනාඩි දෙකයි තත්පර දශම 66 ක කාලයක් වාර්තා කරමින්. ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව ඉසිලූ ගයන්තිකා තරගය ආරම්භයේ ඉදිරියෙන් ධාවනයේ යෙදුනත් ලෝකඩ පදක්කමකින් සෑහීමට පත්වීමට සිදුවුණා.

1993 වසරේ මැනිලා නුවර පැවති ආසියානු ශූරතාවලියේදී දමයන්ති දර්ශා පාසල් සිසුවියක්ව සිටියදී පදක්කම් ජයග්‍රහනය කළපසු කිසිම පාසල් ක්‍රීඩිකාවක් ආසියානු ජේෂ්ඨ තරගාවලියක පදක්කම් ලබගෙන තිබුනේ නැහැ. එලෙසම දමයන්ති දර්ශා, සුසන්තිකා ජයසිංහ සහ විදූශා ලක්ශානිට පසුව කනිශ්ට සහ ජේශ්ට ආසියානු තරගාවලි ද්විත්වයේදීම පදක්කම් ලබාගත් ක්‍රීඩිකාව වන්නේද තරුශි කරුනාරත්නයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?