Latestදේශීය

සී ඩී ට තවත් මාස 3ක්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න විශ්‍රාම යාමෙන් සති දෙකක් ඉක්මගිය පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඔහු නැවත ගෙන්වාගෙන ලබාදුන් මාස 03ක සේවා දිගුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් (14) අනුමත කර තිබේ.

මෙම අනුමැතිය ලබා දී තිබෙන්නේ ජනාධිපති විසින් ඔහුට සේවා දිගුව ලබාදීමෙන් දින 06කට පසුවය.

මෙයට පෙර සේවා දිගු දෙකක් සී.ඩී වික්‍රමරත්න පොලිස්පතිට ලබා දී තිබිණි. ආවරණ අනුමැතියට යටත්ව ජනාධිපති විසින් යම් යම් පත්කිරීම් සිදු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය, පසුව ලබාගන්නා ප්‍රවනතාවක් වර්ධනය වෙමින් තිබෙන බවද එය නීති විරෝධී යැයිද මත පලවෙමින් තිබේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?