Latestදේශීය

IMF වෙනුවෙන් වෘත්තීය සමීති නිහඬ කිරීමේ දිනේෂ් මෙහෙයුම

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග ඉටු කරමින් රාජ්‍ය ආයතන විකිණීම සහ කම්කරුවන් මර්දනය කිරීමට අදාල නීති සංශෝදනය කරමින් රනිල් පොහොට්ටු හවුල විසින් ගෙන යන ක්‍රියාමාර්ගවලට එරෙහිවන වෘත්තීය සමිති නිහඬ කිරීම අගමැති දීනේෂ් ගුණවර්ධන සිදුකරමින් සිටින බව අනාවරණය වේ.

මෙහි පළමු පියවර ලෙස ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිති 50කට ආසන්න සංක්‍යාවක නියෝජිතයන් සමග පසුගිය 13 වෙනි දින අරලියගහ මන්ධිරයේදී සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙහිදී විශේෂයෙන්ම අවදානය යොමු කර ඇත්තේ රාජ්‍ය ආයතන විකුණා දැමීමේ ක්‍රියාවලිය දියත් කිරීමේදී වෘත්තීය සමිති සමග අවබෝදයෙන් කටයුතු කිරීමේ බාධාවන් සහ මේ වනවිට යෝජනා කර තිබෙන කම්කරු නීති සංශෝධනය මෙන්ම අලුතින් ගෙන ඒම සම්බන්ධයෙන් වඩාත් සමීප සම්බන්ධයක් ගොඩනගාගැනීම පිළිබඳවය. ආණ්ඩුවේ මෙම ක්‍රියාමාර්ග පිළිබඳව වෘත්තීය සමිතිවලට පවතින වැරදි වැටහීම් දුරු කිරීමේ සැලසුම් සකස් කළ යුතු බව අදාල වෘත්තීය සමිති සහ අගමැති එකඟතාවයකට පැමිණ ඇත.

පොහොට්ටු පක්ෂයේ වෘත්තීය සමිති ප්‍රබලයෙකු වන ගාමිණී ලොකුගේ මෙම සාකච්ඡාවට සහභාගී කරගෙන නැති බවද වාර්තා වේ. ඉදිරියේදී තවත් වෘත්තීය සමිති නායකයින් සම්බන්ධ කරගනිමින් රාජ්‍ය ආයතන විකිණීම සහ නව කම්කරු නීති ගෙන ඒම සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීම් සිදු කිරීම අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිදු කරන බවට මෙම හමුවේදී එකඟ වී ඇති බව වාර්තා වේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?