Latestදේශීය

A11 මාර්ගයේ පාලම් කඩිනමින් ඉදිකිරීමට නියෝග

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, හබරණ – මඩකලපුව A11 මාර්ගයේ අවදානම් සහිත ස්ථාන ලෙස හඳුනාගත් බටුඔය පාලම ඇතුලු පටු පාලම් කිහිපයක් ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ විශේෂ නිරීක්ෂණයට ලක් විය.

2019 වසරේදී සංවර්ධන කටයුතු ආරම්භ වූ මෙම පාලමේ ඉදිකිරීම් භාර වූ සමාගම 2021 වසරේදී පමණ ගිවිසුම අත්හිටුවා එහි ඉදිකිරීම් අතරමග නවතා දමා ඇත.
පොලොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ සිදුවූ මාරක බස් රථ අනතුර පිළිබඳව ද කරුණු සොයා බලමින් මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කළ අමාත්‍යවරයා, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වරයා වෙත කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දෙන ලදි.
මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම නිරීක්ෂණ අවස්ථාව සඳහා එක්ව සිටියහ.

@මාධ්‍ය ඒකකය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?