Latestදේශීය

83 මැරයෝ රනිල්ලා බව නැවත වරක් තහවුරු කළා

රනිල් වික්‍රමසිංහ තරුණ කටයුතු සහ කර්මාන්ත ඇමති ලෙස සිටි 1983 ඇති කළ කළු ජූලිය සැමරීම සඳහා සහෝදරත්වයේ දිනය සැමරූ වසර 40කට පසුව ද “රනිල්ලා තමයි මැරයෝ කියලා තහවුරු කළා“ යනුවෙන් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර අවධාරණය කරනු ලැබීය.

ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ (24) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී ය. සහෝදරත්වයේ දිනය සැමරීම සඳහා ජූලී 23 වෙනි දින පවත්වන ලද සාමකාමී පා ගමනට ආරක්ෂක අංශ යොදවා පහරදීම හෙළා දකිමින් මෙම මාධ්‍ය හමුව පවත්වනු ලැබීය. එම අවස්ථාවට ජාත්‍යන්තර සම්මාන ලාභි චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් වන විශාකේෂ චන්ද්‍රෙස්කරන් සහ ජගත් මනුවර්ණ මෙන්ම සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් අංජන සම්පත් ඇතුළු නියෝජිතයින් සහභාගී වූහ.

එහිදී අවධාරණය කරනු ලැබුවේ බල වියරුව වෙනුවෙන් 1983 ජූලි මාසයේදී ජාතිවාදී අන්තවාදය දියත් කළ සේම වසර 40කට පසුවද රනිල් වික්‍රමසිංහ පත්කළ ජනාධිපතිවරයා යටතේ ආරක්ෂක අංශ යොදවා සාමකාමී පා ගමනට පහර දීමෙන් සහ බොරැල්ල කනත්ත ඉදිරිපිට සිවිල් සංවිධාන විසින් පවත්වන ලද පහන් දැල්වීමේ සැමරුමට මැරයන් යොදවා පහරදීම ද සිදු කළ බව ය. රනිල් මහින්ද ඇතුළු පිරිසගේ පාලනය තුළ තමන් මැරයන් බව යළිත් වරක් තහවුරු කර ඇතැයි අවධාරණය කෙරින.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?