Latestදේශීය

ආර්ථිකය ශක්තිමත් වෙනවා නම් ජනතාවට දැනෙන් නැත්තේ ඇයි ?

මෙරට ආර්ථිකය ගොඩ ගනිමින් ශක්තිමත් කෙරෙන බව ජනාධිපති සහ රනිල් වික්‍රමසිංහ හවුල් ආණ්ඩුව ප්‍රකාශ කළ ද එවැනි යහපත් ප්‍රතිඵල ජනතාවට අත්විඳින්නට සිදුවී නැති බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ අවධාරණය කර තිබිණි.

මහාචාර්යවරයා මෙලෙස අවධාරණය කර තිබුණේ දෙරණ බිග් ෆෝකස් වැඩ සටහනට සහභාගී වෙමිනි. මෙහිදී විශේෂයෙන් ම ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාත අඩු කර තිබියදී වාණිජ බැංකු විසින් ගණුදෙනුකරුවන්ට ලබාදී තිබෙන ණය සඳහා පොලිය අඩු නොකිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් කරනු ලැබීය. මහ බැංකුවේ පොලී අනුපාත අඩු කිරීමේ වාසිය වාණිජ බැංකු විසින් තම ණය ගැතියන්ට ද කඩිනමින් ලබාදිය යුතු බව එහිදී අවධාරණය කරනු ලැබීය.

ඊට අමතරව ඉන්ධන මිල පහත දැමීම සහ විදුලි බිල පහත දැමීම සම්බන්ධයෙන් ද අදාළ සහන ජනතාවට ලබාදී නැති බවත් එම තත්වයන් නියාමනය කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවත් හෙළි කරනු ලැබීය. නිදහස් ආර්ථික හැසිරවිය හැකි ආකාරයට ශක්තිමත් යාන්ත්‍රණයක් රාජ්‍ය අංශය මැදිහත්වී ක්‍රියාත්මක කළ යුතු බව මහාචාර්යවරයා එම සාකච්ඡාවේදී පෙන්වා දෙනු ලැබීය.

මේ අතර ආණ්ඩුව මෙම වසරේ මුල් කාර්තුව තුළ ලබා ගෙන තිබෙන මුලු ආදායමට ආසන්න ණය පොලී ගෙවීමක් පවතින බව වසර මැද මූල්‍ය තත්වය පිළිබඳ වාර්තාවෙන් හෙළිකර තිබේ. මෙයට හේතු වී ඇත්තේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර මගින් ඉතා අධික පොලියට රජය ණය ලබා ගැනීම ය. එවැනි පසුබිමක වාණිජ බැංකු විසින් තම ණය ගැතියන් හට පොලිය අඩුවීමේ වාසිය ලබා නොදීම පිළිබඳව වැඩි දෙනෙකුගේ අවධානය යොමුකර නැත.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?