Latestදේශීය

ගෝඨාභය පත්කළ මිලින්දව රනිල් ඉවත් කරන්න සැරසේ

කැබනට් ඇමති බලතල සහිතව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස ගෝටාබය රාජපක්ෂ ජනාධිපති සමයේ පත් කළ මිලින්ද මොරගොඩගේ සේවා කාලය අවසන් කර නැවත කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සූදානම් වන බව ඔහුගේ මාධ්‍ය ඒකකයේ තොරතුරුවලින් හෙළි වේ.

එම මාධ්‍ය ඒකකය සමග සමීපව කටයුතු කරන අශොක ජවතුංගගේ ඊ කොලමේ මේ බව සඳහන් කර ඇත. මිලින්ද මොරගොඩට අමතරව බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලංකාවේ මහකොමසාරිස්වරියද ආපසු කැඳවීමට සූදානම් වන බව එහි සඳහන් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය ඒකකයට පරිබාහිරව කටයුතු කරන වෙනමම දේශපාලන ව්‍යාපෘතියක් මේ වනවිට එළිදක්වා ඇති බව අනාවරණය වේ. අශෝක ජයතුංග ක්‍රියා කරන්නේ කුමන පදනමකින්දැයි මේ වනවිට තහවුරු වී නැතත් සති පතා ඔහුගේ ඊ කොලමේ යම් ආන්දෝලනාත්මක සටහන් ඇතුළත් කිරීමට කටයුතු කරමින් සිටී. 2002 සිට මිලින්ද මොරගොඩ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ සුවිශේෂී කාර්යභාර්යයන් රැසක් ඇමති ධුරයක් සහිතව හෝ ඉන් පරිබාහිරව විශාල කටයුතු ප්‍රමාණයක් සිදු කළ පුද්ගලයෙකි.

මිලින්ද මොරගොඩ මහින්ද රාජපක්ෂගේ දෙවෙනි ධුරය කාලය ආසන්නයේ සිට රාජපක්ෂ පවුල සමග ඉතා සමීපව දේශපාලන කටයුතුවල නියැලී සිටියේය.

ගෝටාබය රාජපක්ෂ ඇතුළු බොහෝ රාජපක්ෂවාදීන් සහ රාජපක්ෂලාගෙන් තනතුරු ලබාගත් විශාල පිරිසක් මේ වනවිට රනිල් වාදීන් වී සිටින අතර මිලින්ද මොරගොඩගේ නිශ්චිත ස්ථානගතවීම කොතැනදැයි මෙතෙක් අනාවරණය කර නැත.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?