Latestදේශීය

උපන්දින සාදය ගිනිබත්කළ සැකකරු අත්අඩංගුවට

වවුනියාව, තෝණිකල් ප්‍රදේශයේ උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට ගිනිතබා පුද්ගලයින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

වවුනියාව පොලීසිය සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුව ඊයේ (02) සවස අත්අඩංගුවට ගත් බවය.

පසුගිය 24 වනදා අලුයම මෙම අපරාධය සිදුවී තිබුණි.

පොලීසිය තවදුරටත් පැවසූවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා වවුනියාව පොලීසිය සිදුකළ පරීක්ෂණ මත සැකකරුව අත්අඩංගුවට ගත් බවය.

වවුනියාව, කුමාන්කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක් වන අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අද (03) වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

මෙම ඝාතන සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් එළඹෙන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

පොලීසිය පැවසුවේ අදාළ නිවසට ගිනිතැබීමෙන් 23 හැවිරිදි කාන්තාවක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වු අතර,පිළිස්සුම් තුවාල ලැබු ඇයගේ සැමියා වන 35 හැවිරිදි සුගන්දන් නමැති පුද්ගලයෙකු පසුගිය 26 වනදා යාපනය පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ බවය.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?