Latestදේශීය

මුහුදු කූඩැල්ලන් සැකසුම් මධ්‍යස්ථානයක් කිලිනොච්චියට

මුහුදු කූඩැල්ලන් සැකසුම් මධ්‍යස්ථානයක් කිලිනොච්චි පල්ලික්කඩා ප්‍රදේශයේදි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත විය.

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍ර‍දේශවල මුහුදු කූඩැල්ලන් වගා කිරීම සිදු කරන අතර වගාව තුළින් නෙලා ගන්නා මුහුදු කූඩැල්ලන් විදේශ වෙළඳපොළට අලෙවි කිරීම සදහා අපනයනය කිරීමට අවශ්‍ය සැකසුම් මධ්‍යස්ථානයක් වශයෙන් මෙම මුහුදු කූඩැල්ලන් සැකසුම් මධ්‍යස්ථානය ආරම්භ කෙරිණි.

මෙහිදි අදහස් දැක්වු අමාත්‍යවරයා, උතුරු පළාතේ මුහුදු කූඩැල්ලන් වගාකිරීම සදහා ධීවර ජනතාව මෙන්ම ව්‍යාපාරිකයන් විශාල වශයෙන් නැඹුරු වී ඇති අතර දේශීය වෙළඳපොළ මෙන්ම විදේශ වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් තම වගාව සිදු කිරීම පිළිබඳව ධීවර අමාත්‍යවරයා ලෙස තමන් සතුටුවන අතර, මේ මගින් රටට විදේශ විනිමය ලබාදීමට හැකියාවක් පවතින අතර මෙවැනි ඇසුරුම් මධ්‍යස්ථාන විවෘත කිරීම තුළින් තමන්ගේ අස්වැන්න සෘජුවම එම ආයතනවලට ලබා දිය හැකි බවද ඒ මගින් වගාව සදහා වගා කරුවන්ගේ උනන්දුව තවතවත් වැඩිවන බවද පැවසුවේය.

@මාධ්‍ය ඒකකය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?