Latestදේශීය

සෞඛ්‍ය සේවාව වැනසීමේ රනිල් ප්‍රවේශය

මහත් අර්බුදයකට හෙළා තිබෙන නිදහස් සෞඛ්‍ය සේවය සහ මෙරට සමස්ත සෞඛ්‍ය සේවාව සම්පූර්ණයෙන් වනසා දැමීම සඳහා රනිල් පොහොට්ටු හවුල් ආණ්ඩුව ක්‍රියා කරමින් සිටී.

ඉදිරියේදී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් පිහිටුවීම සහ හෙද සේවාවට කලා විෂයන් හැදෑරූ සිසුන් ද බඳවා ගැනීම මගින් නිදහස් සෞඛ්‍ය සේවය සම්පූර්ණයෙන් වැනසීමට ක්‍රියා කරමින් සිටී. විශේෂයෙන් ම හෙද සේවය සඳහා කලා විෂයන් හැදෑරූ සිසුන් බඳවා ගැනීම පිළිබඳව රනිල් වික්‍රමසිංහ ජනාධිපති ඍජුව මැදිහත් වී සිටී.

මේ බව අගෝස්තු 03 වෙනි බ්‍රහස්පතින්දා දිනමිණ පුවත්පත පළ කළ ප්‍රවෘත්තියකින් හෙළිවී තිබේ. “ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කලා විෂය ධාරාවේ සුදුසුකම් ඇති පුද්ගලයන් හෙද සේවයට බඳවා ගැනීම සහ පුහුණු කිරීම පිළිබඳ සලකා බලන ලෙස සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කළේය.” යනුවෙන් ප්‍රධාන ප්‍රවෘත්තියෙන් හෙළි කර තිබිණි. උසස් පෙළ විභාගය සඳහා විද්‍යා විෂය ධාරාව හැදෑරූවන් සිටියදී කලා විෂය ධාරාව හැදෑරූ අය බඳවා ගැනීමට සැලසුම් කිරීම තුළින් ජාත්‍යන්තරව පවා පිළිගන්නා මෙරට හෙද සේවාව ගුණාත්මකභාවය සම්පූර්ණයෙන් ම බිඳ වැටෙන බව එම වෘත්තිකයන් හෙළිකර තිබේ.

ඊට අමතරව රනිල් පොහොට්ටු හවුල් ආණ්ඩුවේ පූර්ණ අනුග්‍රහය මත පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ආරම්භ කිරීමට ආණ්ඩුව අනුමැතිය ලබා දී ඇත.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?