Latestදේශීය

ගල් කැටයත් තරම්වත් වටින්නේ නැති විජේදාස

විශ්වවිද්‍යාල ආචාර්යවරු සම්බන්ධයෙන් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රකාශ සිදුකිරීම සමිබන්ධයෙන් ප්‍රතිචාර දක්වන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මලේනය “නිර්ලජ්ජිත ප්‍රකාශ කරන්න එපා” යනුවෙන් දැඩි අවවාදයක් ලබාදෙනු ලැබීය.

එම සමිති සම්මේලනයේ උප සභාපති සහ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය ඉෂාරදත්ත ඉංගසිංහ ඊයේ (04) අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත හමු වී සාකච්ඡා පැවැත්වීමෙන් පසුව මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරුදෙමින් මෙම අවවාදය දෙනු ලැබීය.

“ඊයේ විජේදාස රාජපක්ෂ, මේ පාරේ යනකොට කකුලේ වදින ගල් කැටයක් ගානටවත් වටින්නේ නැති මිනිස්සු ඇවිල්ලා මේ රටේ මහාචාර්යවරු ගැන කතා කරනවා. විශ්වවිද්‍යාලයක තියෙන අධ්‍යාපන ක්‍රමය හෝ පාසල් පද්ධතියක තියෙන අධ්‍යාපන ක්‍රමය පිළිබඳව අයන්නවත් නොදන්න මිනිස්සු තමයි මේ කතාකරන්නේ. මාහාචාර්යවරයෙක් පැය 04යි නැත්නම් පැය 20යි වැඩකරන්නේ මාසෙකට. ලක්ෂ ගණන් පටි ගන්නවා. මේ වගේ දේවල් කියමින් මේ රටේ මහජනතාව මුලාවට ලක් කරනවා. අපි ඉතාම පැහැදිලිව කියනවා මේ විජේදාස රාජපක්ෂට පාලු ගෙයි වලං බිඳින්නනැතුව එන්න මේ විශ්වවිදයාල ආචාර්යවරු එක්ක කතා කරන්න. එහෙම නැත්නම් වැස්සකටවත් විශ්වවිද්‍යාලයකට ගොඩවෙන්න. මහාචාර්යවරයෙක් කියන්නේ පැය 04ක් වැඩ කරලා ගෙදර බුදියන මනුස්සයෙක් නෙවෙයි. ඒ විශ්වවිදයාල ආචාර්යවරයා, මහාචාර්යවරයා පැය 24ම වැඩ කරනවා, මේ රටේ සංවර්ධනයට, මේ රටේ අධ්‍යාපනයට. පර්යේෂණ කරලා මේ රට ගොඩනගන්න දායකත්වය දෙන්නේ මේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරු, මහාචාර්යවරු. මේ රටේ සම්පූර්ණ සම්පත් දායකත්වය හදන්නේ විශ්වවිද්‍යාල තුළ. අපි විජේදාර රාජපක්ෂට කියනවා වහාම මේ ප්‍රකාශය ඉල්ලා අස්කරගතයුතුයි. මේ වගේ නිර්ලජ්ජිත ප්‍රකාශ කරන එක නවත්වන්න ඕනා.” යැයිද ඔහු එහිදි පැවසීය.

විශේෂයෙන්ම දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට එක්වෙමින් ඇමති විජේදාස රාජපක්ෂ විශ්වවිද්‍යාල ආචාර්යවරු සම්බන්ධයෙන් කර තිබෙන අසත්‍ය සහ ද්වේශසහගත ප්‍රකාශ පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් බුද්ධමිය ජීවියාගේ කාර්යභාර්ය ඇමතිට නොතේරෙන බවත් බැවසූ අතර රාජ්‍ය විශ්වවිද්‍යාල අසාර්ථක සහ පෞද්ගලික විශ්වවිද්‍යාල සාර්ථක බව පෙන්වීමට නොයෙක් වාර්තා පිලියෙල කර ඇති බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබීය.

ඊයේ දෙරණ බිග් ෆෝකස් යූටියුබ් නාලිකාව සමගද සාකච්ඡාවකට එක්වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මලේනයේ සභාපති, උප සභාපති සහ ලේකම් යන නිලදාරීන් මේ වනවිට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය මුහුණ දී සිටින ගැඹුරු ප්‍රශ්න පිළිබඳව වැඩිදුරටත් කරුණු හෙළි කර තිබිණි.

මේ වනවිට විශ්වවිද්‍යාල ආචාර්යවරු 600කට වැඩි පිරිසක් මෙම වසරේ මුල් මාස 06 තුළ රට හැර ගොස් ඇති බවත් ආණ්ඩුව අනුගමණය කරමින් තිබෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ තවදුරටත් තත්වය බරපතල වී ඇති බවත් එම සමිති සම්මේලනය අධ්‍යාපන ඇමතිවරයා සමග ඊයේ පැවති සාකච්ඡාවකදී පෙන්වා දුන් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?