Latestදේශීය

රාජපක්ෂලාගෙන් පසුව ආගමික මැතිවරණ ක්‍රියාවලියේ සජබ භූමිකාව

රටේ ජනතාවට අවස්ථාවක් ලද විගසම බෞද්ධ ආගමට ලැදි නායකයකු තෝරා පත්කර ගන්නවාට කිසිම සැකයක් නැ.රජය තම වගකීම් පැහැර හැරියත් විපක්ශ නායක තුමා තමාගේ යුතුකම් ඉටු කරමින් ඉන්නවා යයි විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

විපක්ශ නායක කාර්යාලයේදි මාධ්ය සාකච්ඡාවකට සහබාගි වෙමින් විපක්ශයේ ප්‍රදාන සංවිධායක ලක්ශ්මන් කිරිඇල්ල මහතා දැක්වු අදහස්,

අපේ රටේ ව්‍යවස්ථාව අනුව පාලකයෝ ඒකියන්නෙ විධායකය අග්‍රාමාත්‍යවරු, පාර්ල්මේන්තුව ඇමතිවරු අපේ රටේ ව්‍යවස්තාව ආරක්ෂා කිරීමට බැදී සිටිනවා. අපේ රටේ ව්‍යවස්තාවෙ තියෙනවා බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන අතර බුද්ධාගම ආරක්ෂා කිරීම පෝෂණය කිරීම රජයේ වගගීමක් කියල. නමුත් පසුගිය කාලයතුල අපේ රටේ සිදුවන දේ දෙස බැලුවම ඉතාමත් පැහැදිලියි රජය බෞද්ධාගම ආරක්ෂා කිරීම පෝෂණය කිරිමේ වගකිමෙන් රජය මිදෙන්න හදනවා. ආසන්නම සිද්දිය තමයි මිහින්තලේ විදුලි බිල. වාසනාවට සමගි ජනබලවේගයේ නායක , විපක්ෂ නායක, සජිත් පේමදාස මහතා එය ගෙවා දැම්ම. මිහින්තලේ කියන්නෙ මිහිඳු මහාරහතන් වහන්සේගේ පාදස්පර්ශයෙන් ඔප නැංවූ ප්‍රදේශයක්. බෞද්ධාගමේ ආරම්භය. පසුගිය කාලයේ අපි දැක්කා විදුලි බිල පමණක් නෙමෙයි පෙරහැර පැවැත්වීමට යම් යම් බාදක රජයෙන් දැම්ම.

අප ඉතිහාසය දිහා බලනකොට මෙම විහාරස්ථානවල විදුලිය ලැබුන දා ඉදල කිසිදු දිනක මෙම විහාරස්ථානවලට විදුලි බිල ප්‍රශ්නයක් වුනේ නෑ.

අපි දන්නව අපි ආණ්ඩුකල යහපාලන ආණ්ඩු කාලෙවත් කිසිදු දිනක මෙම විහාරස්ථානවලට විදුලි බිල සම්බන්දයෙන් ගැටලු ඇවිත් නෑ.අපිට කරුණු ඉදිරිපත් කරලත් නෑ. මොකද ඒක ප්‍රශ්නයක් වුනේ නැති නිසා. නමුත් 2019 වර්කමාන රජය පාලනයට පත් වු පසු රජයේ අකාර්යක්ෂම පාලනය නිසාත් රට බංකොලොත් වීම නිසාත් මෙම විදුලි බිල විහාරස්ථානවලට පමනක් නෙමෙයි සෑම කෙනකුටම මේක ප්‍රශ්නයක් වෙලා තියෙනව.

විහාරස්ථානවල විදුලි බිල පිලිබදව මීට වසර එකහමාරකට කලින් අපේ විපක්ෂ නායකතඅමත් අපිත් සාකච්ඡා කෙරුව.මට මතකයි මම විදුලි බල අමත්‍යවරයාගෙන් ඇහුවා මෙම විදුලි බිල සම්බන්දයෙන් විහාරස්ථානවලට දෙන විසදුම මොකද්ද කියල.

එම අවස්තාවේදි ඔහු මට උත්තර දුන්නෙ ඒක හැන්සාඩ් එකේ තියනව ,අපි විහාරස්ථානවලට සෝලා පවර් දෙනව කියලයි. මම අද උදැසන විහාරස්ථාන කිහිපයකට කතා කලා ඔවුන් පැවසුවේ විස්තරනම් ගත්තා තවමත් කිසිදු වැඩක් වුනේ නෑ කියල. ඒකෙන් පැහැදිලි වෙන්නෙ මේ රජයට කිසිදු වැඩපිළිවෙලක් නෑ කියන එක.

ඉතාමත් පැහැදිලියි සම්බුද්ධ සාසනයේ ආරක්ෂා කිරීම සම්බන්දයෙන් වගකීම තියෙන්නෙ රජයට. ඒක මේ රජයට පමණක් නෙමෙයි නෙවෙයි නිදහස ලැබුන දා ඉදලම සෑම රජයක්ම බෞද්ධාගමට ප්‍රමුඛත්වය දීල ඒ කටයුත්ත ඉෂ්ඨ කරා.නමුත් මේ රජය තමයි ඒ වගකීම පැහැර හැරල කටයුතු කරල තියෙන්නෙ.වාසනවාට සජිත් පේමදා මහත්මයා කාගෙවත් බලපෑමකින් තොරව මැදිහත්වෙලා මිහින්තලේ බිල ගෙවලදාන්න කටයුතු කරා. 1948 න් පසු පමණක් නොව ඊට පෙරත්,අතීතයේ අපේ රටේ රජ කම දුන්නෙ බෞද්ධාගම ලැදි පුද්ගලයට.

මම මහනුවර යුගයේ සිදු වුන සත්‍ය කතාවක් කියන්නම්.

මහනුවර අවසන් රජු නරේන්ද්‍රසිංහ රජතුමාට දේවීන් වහන්සේලාගෙත් දරුවන් හිටියෙ නෑ. එතුමාගේ අභාවයෙන් පස්සේ රජකම දෙන්නේ කාටද කියලා ප්‍රශ්නයක් පැන නැගුනා.සිංහල කුමාරයෙක් හිටිය ඔහු ඉදිරිපත් වුනා, පසුව දෙමල කුමාරයෙකුත් ඉදිරිපත් වුනා. අමාත්‍යමණ්ඩය තීරණයකලා සිංහල කුමාරයට රජකම දෙන්න ඕන කිල.නමුත් මොකද්ද වුනේ මල්වතු අස්ගිරි මහ නාහිමි කිවුවා ද්‍රවිඩ බෞද්ධ ආගමට ලැදිවත්,කුමාරයා කුඩා කල සිටම මල්වතු අස්ගිරි විහාර ආභාෂයෙන් හැදුනු නිසා එහි ද්‍රවිඩ කුමාරයාට රජකම දිය යුතුයි කියල.විජය රාජසිංහ කියල මහනුවර රජ කමට පත් වුනේ ඔහුයි. මේ කතාවේ හරය මේකයි ජාතියට වඩා වැදගත් වුනේ ආගම. ආගමට තිබුන ලැදියාව තමයි එදා රජකම දෙන්නත් ඒ බලධාරීන් කටයුතු කලේ.

වර්තමානයේ මේ රජය සාසනය ආරක්ෂා කරීමට , බුද්ධාගම ආරක්ෂාකිරීමට අදිමදි කරනවා. රජයට එම වගකීමෙන් පැහැර හරින්න බෑ.

රජය ව්‍යවස්ථාව කඩල තියනව, පාලකයො ව්‍යවස්ථාව කඩල තියනව. මොකද ඔවුන් සියලුදෙනාම දිවුරුවුරුම්දෙනකොට දිවුරුමේ කියනව ව්‍යවස්ථාව ආරක්ෂා කරනව කියල.අපේ රටේ ව්‍යවස්ථාවෙ සදහන් වනවා .

පාලකයෝ ජනාධිපතිවරුන් අගමැතිවරුන් කැබිනට් ඇමතිවරු ඇමතිවරු සියලු දෙනාම බෞද්ධාගමට ආගමට ප්‍රමුඛස්ථානය දෙන අතර එය පෝෂණය කිරීමට ආරක්ෂා කිරීමට බැඳී
සිටිනව කියල.

ඉතින් මේ විහාරස්ථානවල විදුලි බිලගැටලුව රජය ඇති කරපු දෙයක්. මගේ පාර්ලිමේන්තු දිවයේ අවුරුදු 35ම මෙවැන්නක් වෙලා නෑ.

අපෙ රටේ ඉතිහසයේ ප්‍රථම වතාවට මහනුවර පෙරහැරටත් විදුලි බිලක් එව්වා.මේවා අබෞද්ධ පියවරයන් . බෞද්ධ ජනතාවගේ වාසනාවකට , එතුමාගේ වුවමනාවෙන්ම ඉදිරිපත් වෙලා මිහින්තලා පුදබිමේ විදුලි බිල ගෙවා දමන්නට කටයුතු කලා.එතුමා මිහින්තලා පුදබිමේ ගෞරවය ආරක්ෂා කරා. ඉතින් සජිත් ප්‍රේමදාස මහතා බෞද්ධාගමේ ගෞරවය ආරක්ෂා කිරීමට කටයුතු කලා. එතුමාගේ බෞද්ධ කම මුලු රටට පෙන්නුව.

මම කලින් කිවුව මහනුවර යුගයේ වුන කතාව.එදා ආගමට ලැදි පුද්ගලයන් තමයි රජ කමට තෝරා පත්කර ගත්තේ.ඒ වගේම අපේ රටේ ජනතාවට අවස්ථාවක් ලද විගසම බෞද්ධ ආගමට ලැදි නායකයකු තෝරා පත්කර ගන්නවාට කිසිම සැකයක් නැ.රජය තම වගකීම් පැහැර හැරියත් විපක්ශ නායක තුමා තමාගේ යුතුකම් ඉටු කරමින් ඉන්නවා.

@Media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?