Latestදේශීය

රාජපක්ෂ වික්‍රමසිංහ ගැටුම

පසුගිය මහ මැතිවරණයේදී පොහොට්ටු පක්ෂයෙන් තේරීපත්වූ මන්ත්‍රීවරු පිරිසකට රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් ඇමතිධුර ලබාදීමේ ආවරණයට මුවාවී රාජපක්ෂවරුන්ට ප්‍රසිද්ධියේ බැටදීම ආරම්භ කර තිබේ.

ඊයේ (09) පාර්ලිමේන්තුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම බැටදීමේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරනු ලැබීය. “තමුන්නාන්සේලානේ කියන්නේ, රාජපක්ෂවරුන්ට යටවෙන්න එපාකියලා. මම ඒ අනුව වැඩ කරනකොට ඒකටත් විවේචන ගේනවා. කැබිනට් එකේදි කියපු කතාව මම මේ කියන්න්.” යනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

මෙම කැබිනට් මණ්ඩලයේ අගමැති දිනේෂ් ගුණවර්ධනත් සිටින අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියන පරිදි රාජපක්ෂලාට යට නොවන ලෙස කැබිනට් ඇමතිවරු ප්‍රකාශ කළේනම් දිනේෂ් ගුණවර්ධනද එමප්‍රකාශය අනුමත කර ඇති බව පැහැදිලි වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වනවිට පොහොට්ටු මැති ඇමතිවරු තමන්වටා එක්කරගනිමින් ජනාධිපතිවණයට සූදානම් වන අතර රාජපක්ෂලාටද ප්‍රහාර එල්ල කිරීමට පටන්ගෙන ඇති බව මේ ප්‍රකාශයෙන් තහවුරු වී තිබේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?