Latestදේශීය

වෘත්තිකයන් වෙනුවට සංචාරකයන්

රට ගොඩනැගීමට අවශ්‍ය වෘත්තිකයන් මත දරාගත නොහැකි බදු බරක් පැටවීම හේතුවෙන් ඔවුන් රට අතහැර යන මට්ටමට ක්‍රියා කරන රනිල් පොහොට්ටු හවුල් ආණ්ඩුව වසරකට සංචාරකයන් ලක්ෂ 50ක් ගෙන්වා ගැනීමේ සැලසුම් සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබේ.

ඔහු එම ප්‍රකාශය කර තිබෙන්නේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා වැඩපිළිවෙලක් සකස් කරන ලෙස පත් කර තිබෙන කමිටුවේ සාමාජිකයින් සමග පසුගිය 16 වෙනිදා ජනාධිපති කාර්යාලයේදී පවත්වන ලද සාකච්ඡාවකදීය. එහිදී වැඩිදුරටත් උපදෙස් දී තිබෙන්නේ ඉදිරි වසර 05ක් තුළ මෙම ඉලක්කය සම්පූර්ණ කරගත හැකි පරිදි අදාල සැලසුම් සකස් කරන ලෙසය. මේ අනුව 2027 වසරේ සිට වසරක් පාසා සංචාරකයන් ලක්ෂ 50ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කයක් පිළිබඳව ප්‍රබල ප්‍රචාරක ව්‍යාපාරයක් පටන්ගෙන තිබේ.

මහින්ද රාජපක්ෂ පාලන සමයේද යුද්ධය අවසන් කළ වහාම වාර්ශිකව සංචාරකයන් ලක්ෂ 25ක් ගෙන්වාගැනීමේ වැඩපිළිවෙලක් පිළිබඳව ප්‍රචාරය කරනු ලැබීය. 2010 ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන එම ප්‍රචාරය දියත් කර තිබූ අතර මෙතෙක් ලංකාවට විදේශ සංචාරකයන් ඉහළම සංඛ්‍යාවක් පැමිනි වසර 2018 ලෙස ඉතිහාසගතවී තිබේ. 2018දී විදේශ සංචාරකයන් 2,333,796ක් පැමිණ ඇත. 2018දී මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ එක්ව දියත් කළ දේශපාලන කුමන්ත්‍රණය හමුවේ සංචාරකයන් පැමිණීම අඩාල වීමට ආරම්භ වූ අතර 2019 අප්‍රෙල් මස පාස්කු ප්‍රහාරයෙන් පසුව එය බරපතල ලෙස බිඳවැටිණි.

මේ වනවිට ලෝකය ආර්ථික අවපාතයකට ගමන් කරමින් තිබෙන පසුබිමක ජනාධිපති රනිල් වික්‍රමසිංහ වාර්ශිකව සංචාරකයන් ලක්ෂ 50ක් මෙරටට ගෙන්වාගැනීම පිළිබඳ ප්‍රචාරක ව්‍යාපාරයක් පටන්ගෙන තිබෙන්නේ ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන බව පැහැදිලි වී තිබේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?