Latestදේශීය

මැදිවියේ අයට හෘදයාබාධ බහුලයි

වයස අවුරුදු 30ත් 45ත් අතර වයසේ පසුවන පුද්ගලයින් හට හෘදයාබාධ වැළඳීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇතැයි කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන් පවසති.

මෙම වයස් කාණ්ඩවල පුද්ගලයින්ට 2021 වසරේ සිට ක්‍රමානුකූලව හෘදයාබාධ වැළඳීම ඉහළ යමින් පවතින බව ඔවුන් පෙන්වාදෙති.

ඇතමුන් රෝහල් ගත කිරීමටත් පෙර මියයෑමේ සිදුවීම් වාර්තා වන බවද වෛද්‍යවරු පවසති. ඇතැම් රෝහල්වලට මාසිකව හෘදයාබාධ වැළඳුණු රෝගීන් 10ත් 15ත් අතර පිරිසක් පැමිණෙන බව වාර්සතාවල ඳහන්ය. ඔවුන්ගෙන් 90%ක් පමණ පිරිමි පුද්ගලයින් වීමද විශේෂත්වයකි.

වෛද්‍යවරු පෙන්වාදෙන්නේ, ක්‍රමවත් ආහාර රටාවක් නොමැතිවීම, ව්‍යායාම නොකිරීම, දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතය, මානසික ආතතිය වැනි හේතූන් හෘදයාබාධ වැළඳීමට හේතුවන බවයි.

කෙසේවෙතත් හෘදයාබාධ වැළඳෙන රෝගීන් ඉහළ යාමට නිශ්චිත හේතුවක් අනාවරණය කරගැනීමට නොහැකි වී ඇති බව කායික රෝග විශේෂඥ වෛද්‍යවරු වැඩිදුරටත් පෙන්වාදෙති.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?