Latestදේශීය

ජල විදුලිය නිෂ්පාදනය සඳහා ප්‍රමාණවත් ජලය නැහැ: විදුලි බල මණ්ඩලය

ජල විදුලිය නිෂ්පාදනය සඳහා බලාගාර ආශ්‍රිතව ජලය ඇත්තේ තවත් දින 35කට ආසන්න කාලයකට  පමණක් බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

ඊයේ දිනයේ ජල විදුලි බලාගාරවලින් මෙගාවෝට් පැය 12.6 ක විදුලිය නිෂ්පාදනය කළ බවයි එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික නවරත්න මහතා සඳහන් කරන්නේ.

දෛනික විදුලි අවශ්‍යතාවය සඳහා ඉතිරි ප්‍රමාණය තාප, සුර්ය සහ සුලං බලාගාරවලින් ලබා ගන්නා බවද මේ වනවිට විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම පවතින්නේ 23.2% ක් ලෙස බවද ධම්මික නවරත්න මහතා පෙන්වා දී ඇත.

විදුලි බලාගාර ආශ්‍රිත සමස්ත ජලාශ වලින් මෙගාවෝට් පැය 284 ක ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකි බව ද  ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධමිමික නවරත්න මහතා තවදුරටත් සඳහන් කරනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?