Latestදේශීය

පුවක් අපනයනයෙන් විශාල විදේශ විනිමයක්

පසුගිය වසර 05ට සාපේක්ෂව මෙම වසරේ ගතවූ කාලසීමාව තුළ රුපියල් මිලියන 86,000කට අධික මුදලක් උපයා ගැනීමට හැකිවූ බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

එහි සංවර්ධන අධ්‍යක්ෂ උපුල් රණවීර මහතා සඳහන් කරන්නේ, ප්‍රධාන වශයෙන් කුරුඳු, ගම්මිරිස් සහ කරාබු නැටි අපනයනයෙන් මෙම මුදල උපයා ගැනීමට හැකි වූ බවයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ උපුල් රණවීර මහතා,

“පසුගිය වසර 05 සැලකීමේ දී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අදාළ බෝග අපනයනයෙන් වැඩිම විදේශ විනිමය උපයා ගැනීමට 2023 වසරේ මේ දක්වා කාල පරාසය සමත්වෙලා තියෙනවා. ඒ අනුව 2023 ජූනි දක්වා මෙට්‍රික් ටොන් 34,771ක් අපනයනය කරලා රුපියල් මිලියන 86,680ක් ආදායම උපයා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. කුරුඳු, කරාබු, ගම්මිරිස් වැනි බෝග තමයි ප්‍රධාන වශයෙන් දායකත්වය ලබා දී තිබෙන්නේ. ඒ වගේම පුවක් අපනයනයෙන් විශාල විදේශ විනිමයක් ලැබිලා තියෙනවා.”

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?