Latestදේශීය

රට බංකොලොත් වීමට සජිත්ගේ තාත්තා ප්‍රේමදාසත් වගකිව යුතුයි

වර්තමානයේදී රටේ ඇතිව තිබෙන බංකොලොත් තත්ත්වයට ජනාධිපතිවරයකු ලෙස කටයුතු කළ විපක්ෂනායකතුමාගේ පියාත් වගකිව යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා අවධාරණය කරන්නේ බංකොලොත් තත්ත්වයට විපක්ෂය වැඩි වශයෙන් වගකිව යුතු බවයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (21) රැස්වූ අතර එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කළ ප්‍රකාශයකට පිලිතුරු දෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේය.

එහිදී විපක්ෂනායකවරයා සහ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතර මෙවන් විවාදාත්මක තත්ත්වයක් ඇති විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස – රටේ මූල්‍ය ප්‍රශ්නයක් තිබෙනකොට එක්සත් ජාතින්ගේ සංවිධානයට ජනාධිපතිතුමා යනකොට රට බංකොලොත් කරපු මන්ත්‍රීවරුත් එතනට යනවා. මොන විහිළුවක්ද මේ. ජනාධිපතිතුමා ප්‍රමුඛ නිලධාරී මණ්ඩලය ගියා නම් මට ප්‍රශ්නයක් නෑ.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ) -ගරු කතානායකතුමනී, හැමදාම උදේට ඇවිල්ලා මෙතුමා මේ කාරණා ඉදිරිපත් කරනවා. පාස්කු ප්‍රහාරය ගැන කතා කරන්න අපි පක්ෂ නායක රැස්වීමේදි කතා කරලයි මේ තීන්දුව ගත්තේ. මූල්‍ය ගැටළු ගැනත් කතා කරන්න ඔබතුමන්ලා ඉල්ලන සෑම අවස්ථාවකදීම අවස්ථාව දෙනවා. වෙන වෙනම ඒව ගැන කතා කරද්දි න්‍යාය පත්‍රයට අනුව වැඩ කරන්න බෑ. ඒ නිසා ඔබතුමන්ගේ අවධානය යොමු කරනවා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට යන්න කියලා. ‍

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස – පක්ෂ නායක රැස්වීමේදී අපි දන්නේ නෑනේ රට බංකොලොත් කරපු මන්ත්‍රීවරුත් යනවා කියලා එක්සත් ජාතික මහා මණ්ඩල සැසියට. රට බංකොලොත් කරපු පොහොට්ටු කණ්ඩායමත් ගිහිල්ලා. එහා පැත්තෙන් මෙහා පැත්තට පැන්න කණ්ඩායම සන්තෝස කරන්න ගෙනිහිල්ලා. මේ රටේ ජනතාවගේ සල්ලි.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ) -රට බංකලොත් කරන්න මෙතුමාගේ පියත් මේ රටේ ජනාධිපතිවරයෙක් විදියට කටයුතු කළා. මෙතුමා අවුරුදු ගාණක් ඇමතිවරයෙක් විදියටත් කටයුතු කළා. පොහොට්ටු පක්ෂය හැදුනේ මෑත කාලයේදී. මෙතුමන්ලා ඊට වඩා වගකිව යුතුයි. උදේ පාන්දර ඇවිල්ලා පිස්සු කෙලින්න එපා කියන්න කතානායකතුමනී.

– ප්‍රදීප් අනුර කුමාර

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?