Latestදේශීය

නව පනත් දෙකට රටපුරා විරෝධය

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ වූ පනත් කෙටුම්පත සහ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් දෙකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම්වලට පටහැනි බව නීතිඥ සාමූහිකය පවසයි.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ වූ නව පනතක් හඳුන්වාදීම වෙනුවෙන් රජය පසුගියදා ගැසට් නිවේදනයක් ප්‍රකාශ කර තිබුණි.

අදාළ පනත් කෙටුම්පතෙහි අරමුණු ලෙස දක්වා තිබුණේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිසමක් පිහිටුවීම ඇතුළු ආනුෂංගික කරුණු කිහිපයකි.

නීතිඥ සාමුහිකය අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මෙම පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් අදහස් පළකළ අතර එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා,

“මේ රටේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස විතරක් නෙමෙයි මේ පනත් කෙටුම්පතෙන් සීමා වෙන්නේ. සත්‍ය දැන ගැනීමට ජනතාවට තියෙන අයිතිය, සිතීමේ නිදහස මේ පනත් කෙටුම්පත්වලින් සීමා කරන්න උත්සාහ කරනවා. මුල සිටම මේ පනත් කෙටුම්පත් දෙකටම අපි එරෙහි වෙන්න ඕනේ. මොකද එහෙම වුණේ නැත්නම් මේ පනත් සම්මත කළාට පස්සේ තව දශක ගණනක් යනතුරු මේකේ ඵළවිපාක තියෙයි.”

මේ අතර මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සහ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව සිවිල් සංවිධාන සංවිධානය කළ විරෝධතාවයක් අද පස්වරුවේ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී පැවැත්වුණි. 

ඒ අදාළ විරෝධතාකරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, ජනාධිපති මන්දිරය ගාලුමුවදොර ඇතුළු ස්ථාන කිහිපයකට ඇතුළුවීම වළක්වමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබු පසුබිමකය.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?