Latestවිදේශීය

ඊශ්‍රායලය හා පලස්තීනය අතර යළිත් ගැටුමක්

ඊශ්‍රායලය හා පලස්තීනය අතර යළිත් දරුණු ගැටුමක් හටගෙන ඇත.

ගාසා තීරයේ වෙසෙන සාමාන්‍ය වැසියන් වහාම සිය වාසස්ථාන වලින් ඉවත් වන ලෙසත්, හමාස් සටන්කාමීන් ඉලක්ක කර දරුණු ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සූදානම්වන බැවින් ඊට පෙර ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙසත් ඊශ්‍රායලය අනතුරු ඇගවීමක් නිකුත් කර තිබේ.

ඊයේ (07) දිනයේදීද ඊශ්‍රායලය ගාසා තීරය ඉලක්ක කර ප්‍රහාර මාලාවක් එල්ල වී ඇති අතර ඉන් ගාසා වැසියන් 230කට අධික පිරිසක් මිය ගොස් තවත් 2,000කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

මේ අතර, හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයේ ටෙල්අව්යු නුවරට රොකට් ප්‍රහාර 150ක් පමණ එල්ල කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ දේශසීමා හරහා ඇතළු වුණු හමාස් සටන් කාමීන් සිය ගණනක් ඊශ්‍රායලයේ ස්ථාන 22ක පමණ තවදුරටත් රැඳී සිටින බවත් ඔවුන් සොයා ඊශ්‍රායල හමුදාව ප්‍රභල මෙහෙයුමක් දියත් කර ඇති බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?