Latestදේශීය

ඩෙංගු රෝගීන් ඉහල යෑමේ අවදානමක්

පැවති වැසි තත්ත්වය හේතුවෙන් නැවතත් ඩෙංගු රෝගින් ඉහල යෑමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මේ හේතුවෙන් මදුරුවන් බෝ විය හැකි ස්ථාන ඉවත් කිරීම සියලු දෙනාගේම වගකීම බව ප්‍රජා වෛද්‍ය නිළධාරී වෛද්‍ය ඉන්දික වීරසිංහ පවසයි.

තවද මෙම වසරේ ගෙවුණු කාලය තුල ඇතැම් සතිවල සතියකට ඩෙංගු රෝගින් 2700 ක් පමණ වාර්තා වු බවත් පසුව සතියකට වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 600 ක් දක්වා අඩුවූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ මේ හේතුවෙන් මදුරුවන් බෝ විය හැකි ස්ථාන ඉවත් කිරීමට ජනතාව දක්වන සහයෝගය ඉදිරියටත් අපේක්ෂා කරන බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?