Latestදේශීය

ඔන්ලයින් පනතට එරෙහිව මාධ්‍යවේදීන් ශ්‍රේෂ්ඨාධිකරණයට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙරට කම්කරු -පීඩිත මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වු භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය දඩු කදේ ගැසීම සදහා ගෙන ආ මර්ගගත පනත ( Online Safety Bill ) අභියෝගයට ලක් කරමින් ප්‍රකට කාටූන් ශිල්පී අවන්ත ආටිගල සහ මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (12) පෙත්සමක් ‌ගොනු කළහ .

එම නඩුව ගොනු කර ඇත්තේ එස්ඩි අංක 91 /2023 යටතේය .

ආණ්ඩුව මෙම පනත් කෙටුම් පත ඔක්තෝම්බර්( 03) පාර්ලිමෙින්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කරන ලදි. එම පනත් කෙටුම් පත ව්‍යවස්ථානුකුලව අභියෝගයට කිරීමට අවශ්‍ය පුරවැසියන්ට එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කළ දින සිට දින 14 ඇතුළත අභියෝගයට ලක් කළ හැකිය .

ඔක්තෝම්බර් (03) සිට මේ දක්වා පුරවැසියන් , සිවිල් සංවිධාන ,මාධ්‍ය සංවිධාන සහ දේශපාලන පක්ෂ මර්ගගත පනත් කෙටුම් පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු 25 ක් පමණ ගොනු කර ඇතැයි වාර්තාවේ .

පළමු පෙත්සම්කරු වන විජේසුරිය www. lankaskynews .com වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘ වන අතර ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදීන්ගේ සංගමයේ ප්‍රධාන සංවිධායක ද වේ . ඔහු වසර 25 කට ආසන්න කාලයක් සංස්කාරකවරයෙකු ,ලේඛතයෙකු සහ ජායාරූප මාධ්‍යවේදියෙකු ලෙස ද කටයුතු කරමින් සිටී . විජේසුරිය මානවහිමිකම් ක්‍රියාකාරිකයෙකු මෙන්ම කොළඹ ක්‍රියාකාරී කමිටුවේ ලේකම්වරයා ද වේ .

දෙවන පෙත්සම්කරු වන අවන්ත ආටිගල 2006 වසරේ සිට DailyMirror පුවත්පතේ කර්තෘ මණ්ඩල සමාජිකයෙකු මෙන්ම එහි කාටූන් ශිල්පියා ලෙස කටයුතු කරන අතර ADA සහ Sunday Lankadeepa පුවත්පත්වල මාධ්‍යවේදියෙකු ලෙස ද සේවය කරයි . ඔහු වසර කිපයක් “විශීෂ්ටත්වය සදහා වූ ජනමාධ්‍ය සම්මානය ” හිමි කර ගත්තේය .

 මෙම පෙත්සම්කරුවන් සුවිශේෂී ලෙස මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී නීතිමය ක්‍රියා ප්‍රතික්ෂේප කර ඇති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 සහ84(2) වගන්ති බලාත්මක කරන ලෙස ඉල්ලා සිටීම ප්‍රතික්ෂේප කර ඇත.

 නීතිඥ චතුරි සමරසිංහ විසින් ගොනු කර ඇති මෙම පෙත්සම සංජය විල්සන් ජයසේකර සමග අර්ෂාන් ආරියරත්නම් සහ කෞශල්‍‍ය සෙන්දනායක ආරච්චි යන නීතිඥවරු පෙත්සම්කරුවන් වෙනුවෙන්  පෙනි සිටිති.

@ lankaskynews

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?