Latestදේශීය

උප්පරවැට්ටි බැහැ – මැතිවරණ පැවැත්විය යුතුයි

(අජන්ත කුමාර අගලකඩ)

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව සහ නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන බව පවසමින් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව උත්සාහ කළහොත් ඊට එරෙහිව එක්ව කටයුතු කිරීමට විපක්ෂයේ සියලු පක්ෂ තීරණය කර ඇත.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය,උත්තර ලංකා සභාගය ,නිදහස ජනතා සන්ධානය යන පක්ෂ හා කණ්ඩායම් මෙසේ එක්ව කටයුතු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ලබන වසරේ ඔක්තෝබර් මාසයට පෙර ජනාධිපතිවරණයත් ,2025 වසරේ අගෝස්තු මාසයට පෙර මහ මැතිවරණයත් පැවැත්වීමට නියමිතව ඇති අතර,,නියමිත පරිදි මැතිවරණය නොපැවැත්වුවහොත් ජනතාවගේ ඡන්ද අයිතියආරක්ෂා කිරීම සඳහ නීති මඟින් කටයුතු කිරීමට හා මහජන බලයක් ගොඩ නැගීමට එම පක්ෂ හා කණ්ඩායම් තීරණය කර ඇතැයි දැනගන්නට ඇත .

මේ සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීපය කළ විමසීමකදී අදහස් දැක් දැක්වූ නිදහස් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේ,ජනතාවගේ පරමාධිපත්‍ය බලයට අභියෝග කිරීමට ආණ්ඩුවට නොහැකි බවය.

ආණ්ඩුව අවසන් උපක්‍රමය ලෙස විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව කියමින්, ජනාධිපතිවරණය ද කල් දැමීමේ උත්සාහයක නිරතව සිටින බව ඔහු කීවේය

විවිධ උපක්‍රම භාවිත කරමින් පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය කල් දැමුවා සේ ආණ්ඩුව ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයද කල් දැමීමේ උත්සාහයක නිරතව සිටින බව කී හෙතෙම ඊට කිසිසේත් ඉඩ දිය නොහැකි බව සඳහන් කළේය

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව කියමින් හා නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන බව පවසමින් ආණ්ඩුව උත්සාහ කරන්නේ සැබෑ ලෙසම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට හෝ නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමට නොව,මැතිවරණ කල් දැමීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීම බවද ඔහු සඳහන් කළේය

ආණ්ඩුව හිතුවක්කාරී ලෙස ඡන්ද කල් දැමීමට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව කටයුතු කිරීමට විපක්ෂයේ සියලු පක්ෂ තීරණය කර ඇතැයි ද මහාචාර්ය පීරිස් මහතා කීවේය.

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?