Latestදේශීය

බගවන්තලාව උණුසුම් කළ මැණික් පස් වෙන්දේසිය

(රංජිත් රාජපක්ෂ)

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලිම නිසා බගවන්තලාව ප්‍රදේශය ජලයෙන් යට විම වැලැක්විම සදහා නොර්වුඩ් ප්‍රාදේශිය සභාව මගින් කෙසෙල්ගමුඔය මිටර් 500 ක දුරක් පුළුල් කිරිමේ ව්‍යාපෘතියෙන් ඉවත් කරනු ලබන පස් නිතියානුකුලව ඉවත් කර ගැනිම සදහා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින් (25) දින බගවන්තලාව ප්‍රදේශයේ පැවති වෙන්දේසියේදි මැණික් ව්‍යාපාරිකයන් සහ ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරින් අතර දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති විය.

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ජානක උදයකුමාර මහතා , ව්‍යාපෘති ඉංජිනේරු ජි.ඩබ්ලිව්.අමරසිරි මහතුන්ගේ ප්‍රධානත්වයෙන් සහ එම අධිකාරියේ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් බගවන්තලාව ශ්‍රි තෙණ්ඩායුධපාණි හින්දු කොවිල් සංස්කෘතික ශාලාවේදි (25) දින මෙම වෙන්දේසිය පැවැත්විණ.

කෙසෙල්ගමුඔය මිටර් 500 ක දුරක් පුළුල් කිරිම සදහා වාරි මාර්ග දෙපාර්තුමේන්තුව , මධ්‍යම පරිසර අධිකාරිය සහ නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ අධික්ෂණය යටතේ රු මිලියන 140 ක වතුයටිතල පහසුකම් අමාත්‍යංශයේ ප්‍රතිපාදන යටතේ එම ව්‍යාපෘතිය පසුගියදා ආරම්භ කරනු ලැබුහ.

එම ව්‍යෘපෘතියෙන් ඉවත් කරනු ලබන පස් වල මැණික් ඉල්ලම් ඇති බවට ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින් නිරික්ෂණය කිරිමෙන් අනතුරුව එම පස් නිතියානුකුලව ඉවත් කර ගැනිම සදහා පැවති වෙන්දේසියේදි ලංසු මුදල වශයෙන් රු ලක්ෂ 700 මුදලක් ප්‍රකාශයට පත් කිරිමෙන් අනතුරුව එම ලංසු මුදල වැඩි බව පවසමින් වෙන්දේසියට සහභාගි වු මැණික් ව්‍යාපාරිකයන් ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරින්ට සිය විරෝධය දක්වමින් එම ලංසු මුදල අඩු කරන ලෙසට පවසමින් වෙන්දේසියෙන් ඉවත් විමට ව්‍යාපාරිකයන් තිරණය කරනු ලැබුහ.

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරින් එම වෙන්දේසිය වෙනත් දිනයක පැවැත්විමට සුදානම් වු අවස්තාවේ වෙන්දේසියට සහභාගි වි සිටි පිරිස එම නිලධාරින් හමුවේ වැඩිදුරටත් කියා සිටියේ මෙම වෙන්දේසියේ ලංසු මුදල අඩු කර (25) දිනම පවත්වන ලෙසටත් , එසේ නොමැතිනම් වෙන්දේසිය සදහා පැමිණ සිටි කිසිදු නිලධාරියෙකුට වෙන්දේසිය පැවැත්වු ශාලාවෙන් පිටතට යාමට ඉඩ ලබා නොදෙන බවයි.

ඒ පිලිබදව ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරින් විෂයභාර රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සමග දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගනිමින් සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරිමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයාගේ සහ එම අධිකාරියේ උසස් නිලධාරින්ගෙන් ලද උපදෙස් අනුව ලංසු මුදල රු ලක්ෂ 500 දක්වා අඩු කිරිමට පියවර ගැණින.

ඉන් අනතුරුව බගවන්තලාව කෙසෙල්ගමුඔය මිටර් 500 ක් දුරක් පුළුල් කිරිමේ ව්‍යාපෘතියෙන් ඉවත් කරනු ලබන මැණික් ඉල්ලම් සහිත පස් ඉවත් කර ගැනිම සදහා පැවති ප්‍රසිද්ධ වෙන්දේසියේදි බගවන්තලාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් ඒ සදහා වු නිතියානුකුල බලපත්‍රය රු ලක්ෂ 530 මිලකට ලබාගැනිමට කටයුතු කෙරිණ.

එම වෙන්දේසිය සදහා දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබුණි.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?