Latestදේශීය

තුර්කි සෘජු ගුවන් ‌ගමන් අරඹයි

තුර්කි ගුවන් සේවය ශ්‍රී ලංකාව සමග ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් මංගල ගුවන් යානය අද (30) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟාවුණි.

ඒ අනුව TK-730 දරන ගුවන් යානය තුර්කියේ ඉස්තාන්බූල් නුවර සිට අද උදෑසන 05.40ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟාවුණි.

මෙම ගුවන් යානයෙන් මගීන් 261 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

ගුවන් ගමන සඳහා පැය 08ක කාලයක් වැය වන අතර සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල උදෑසන 05.40ට තුර්කියේ සිටත් නැවත උදෑසන 07.40ට කටුනායක ගුවන් තොටුපොළෙන් තුර්කිය බලාත් පිටත්වීමට නියමිතය.

ලබන වසරේ සිට සතියේ දින 07ම තුර්කි ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත බව වාර්තා වේ.

වසර 10ක පමණ කාලයක සිට තුර්කි ගුවන් සේවය මාලදිවයින හරහා කටුනායක ගුවන් තොටුපොළ වෙත තම ගුවන් සේවා පවත්වා ගෙන ගොස් තිබූ අතර, මෙලෙස ඍජු ගුවන් සේවා ආරම්භ කිරීමත් සමග තුර්කියේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව තුන් ගුණයකින් වැඩි වනු ඇති බව සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම සඳහන් කළේය.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?