Latestදේශීය

රනිල්ගේ අයවැය ගැන පූර්ව අනතුරු ඇඟවීම

නොවැම්බර් මස 13 වෙනි දින මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ විසින් 2024 වර්ෂයට අදාළ අයවැය ලේඛණය ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින අතර ඔහු ඉදිරිපත් කළ අයවැය ඉලක්කයන් සපුරා ගැනීම ඉතාමත් අවම මට්ටමක පවතින බව විවිධ ආර්ථික පර්යේෂකයන් පෙන්වා දී තිබේ.

එහෙත් අති විශාල ණය ප්‍රමාණයක් ලබා ගැනීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් වේගවත් ප්‍රගතියක් ලබාගෙන තිබෙන බව අනාවරණය වේ. විශේෂයෙන්ම මේ දක්වා පැවති රජයේ වාර්ෂික උපරිම ණය සීමාව රුපියල් බිලියන 4,979 සිට රුපියල් බිලියන 13,979 දක්වා එක්වරම රුපියල් බිලියන 9,000කින් ඉහල දමා ගෙන තිබේ.

එහෙත් අපනයන යෝජනා, ආයෝජන යෝජනා වැනි ජාතික ආර්ථිකය නැංවීමේ යෝජනා පමණක් නොව මේ වනවිට අන්ත දිළිඳුභාවයට පත්වී සිටින ජනතාව වෙනුවෙන් අස්වැසුම නමින් නව සහන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ආණ්ඩුව ප්‍රචාරය කළද එය ආණ්ඩු විසින්ම කඩාකප්පල් කර දමා තිබේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?