Latestදේශීය

මහජන කවුන්සිලය සඳහා ව්‍යාපාරයේ පළමු සැමරුම අදයි

මහජන කවුන්සිලය සදහා ව්‍යාපාරය සිය පළමු වසර සැමරීම අද සිදුකිරීමට නියමිතයි. සවස 2ට කොළඹ මහජන පුස්තකාලයේදී “ජනතාව උදෙසා ජනතා බලයක්” නමින් මෙය සංවිධාන කර ඇත.

 2022 නොවැම්බර් මස 01 දින පදනම් ආයතනයේදී “සිහින මියගිය සමාජයක බලාපොරොත්තුව” යන තේමාව පෙරදැරිව ජනගත කළ මහජන කවුන්සිලය සදහා ව්‍යාපාරය වසරක් අවසන පැමිණි ගමන් මග විමසා බැලීමට සහ ඉදිරි වැඩපිළිවෙල සමාජය හමුවේ තැබීමට මෙය සංවිධානය කර ඇත.

ගාළුමුවදොර අරගලයේ දිගුවක් ලෙස නිර්මාණය වූ මහජන කවුන්සිලය සදහා ව්‍යාපාරය මේ වන විට රටපුරා විවිධ ජන සහභාගිත්වයෙන් ජනතා බලයක් අභ්‍යාස කරමින් සිටී.

උතුර දකුණ බේදයකින් තොරව සිංහල දමිළ මුස්ලිම් ජන කොටස් මෙම ව්‍යාපාරය හා එකාබද්ධ වෙමින් සිටින අතර ඉදිරියේදී මහජන කවුන්සිලය සදහා ව්‍යාපාරය තව තවත් වේගයෙන් ජනතාව අතරට ගෙන යමින් ජනතාව උදෙසා වූ පුළුල් ජනතා බලයක් ගොඩනැගීමට කටයුතු කරන බව මහජන කවුන්සිලය සදහා ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටුව පවසයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?