Latestදේශීය

කෙහෙළිය, සෞඛ්‍යය සහ පරිසරය

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මේ වනවිට පරිසර ඇමති ලෙස පත් කර ඇති අතර ලබන වසර වෙනුවෙන් ඉදිරිපත් කර තිබේන අයවැය විසර්ජන පනත් කෙටුම්පත අනුව ඉතා අවම මුදල් ප්‍රමාණයක් වෙන් කර තිබෙන්නේ එම අමාත්‍යාංශයටය.

ලබන වසර වෙනුවෙන් පරිසර අමාත්‍යාංශයට වෙන් කර ඇති සමස්ත මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 2,130කි. පුනරාවර්තන වියදම් ලෙස රුපියල් මිලියන 1529ක්ද මූලධන වියදම් ලෙස රුපියල් මිලියන 601ක්ද වශයෙන් එම මුදල වෙන් කර තිබේ.

සෞඛ්‍ය ඇමති ලෙස කෙහෙලිය රඹුක්වැල්ල කටයුතු කළ සමයේදී අතිවිශාල වංචා දූෂණ ප්‍රමාණයක් සිදු කර ඇති බවට දිගින් දිගටම චෝදනා එල්ල වී තිබිණි. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනාවක් පවා ගෙනඑනු ලැබීය. එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ පොහොට්ටු ආණ්ඩුවේ මැදිහත්වීමෙන් එම විශ්වාසභංග යෝජනාව පරාජය කරන ලදී.

නමුත් පාර්ලිමේන්තුවෙන් පිටත කෙහෙලිය රඹුක්වැල්ලට එරෙහිව දැවැන්ත මහජන විරෝධයක් ගොඩනැගෙමින් තිබීම හමුවේ ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉවත් කර පරිසර අමාත්‍යාංශය පවරා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රියාකරනු ලැබීය. එහෙත් ඔහුට එරෙහිව එල්ලවී ඇති චෝදනා පිළිබඳව මේ දක්වා කිසිදු නිල ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?