Latestදේශීය

රනිල්ට දෝෂාභියෝගයක්?

ආණ්ඩුකම ව්‍යවස්ථා සභාව අනුමත නොකරන ලද පුද්ලයකු පොලිස්පතිවරයකු ලෙසද නම් කිරීම හරහා ජනාධිපතිවරයා හිතාමතාම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් යැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් මහතා සඳහන් කරයි.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් මේ වනවිට දෝෂාභියෝගයට ලක් කළ හැකි වරදක් සිදුකර ඇති බවද ඔහු පැවසීය.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ සේවා දිගුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර නොමැති බවත්, එබැවින් ඔහුගේ සේවා දිගුව නීත්‍යානුකූල නොවන බවත් විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී අද සඳහන් කළ අවස්ථාවේ මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රශ්නයක් මතු කරමින් කියා සිටියේ නීත්‍යානුකූලව පත්කළ පොලිස්පතිවරයෙකු මෙරට නොමැති බවත් එය බරපතල කාරණයක් බවත්ය.

ඊට ප්‍රතිචාර දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ පොලිස්පතිවරයෙකු නම් කිරීමට ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට බලය ලැබී ඇති බවත් එය නීත්‍යානුකූල බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එය අනුමත කරමින් සිටින බවය.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ පොලිස්පතිවරයාගේ සේවා දිගුව දෙවතාවක් අනුමත කළ බවත්, ඔහුගේ තුන්වන සේවා දිගුව අනුමත කර නොමැති බවත් නව පොලිස්පතිවරයෙකු පත් කිරීම යෝග්‍ය බව නිරීක්ෂණය කර ඇති බවයි.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?