Latestදේශීය

කොරියානු බුසාන්හි නගරාධිපති සහ කථානායකවරයා අතර හමුවක්

කොරියානු ජනාධිපතිගේ විශේෂ නියෝජිත බුසාන්හි නගරාධිපති  පාර්ක් හියොන්-ජූන් (Park Heong-Joon) මහතා ප්‍රමුඛ දූත පිරිසක් සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති මියොන් ලී මහත්මිය එක්ව සිටි බව සදහන්.

මෙහිදී අදහස් දැක්වූ  පාර්ක් හියොන්-ජූන් මහතා, World EXPO 2030 ප්‍රදර්ශනය සඳහා කොරියාවේ අපේක්ෂකත්වය පිළිබඳවත් මෙම ප්‍රදර්ශනය කොරියාවේ බුසාන් නගරයේ පැවැත්වීම සඳහා වන සූදානම පිළිබඳවත් කතානායකවරයා දැනුවත් කළේය. මේ ඔස්සේ ආසියානු කලාපයට විශාල ප්‍රතිලාභ රැසක් ලැබනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. එසේම දෙරට අතර පවතින රාජතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?