Latestදේශීය

වගා හානි සිදුවූ ගොවි ජනතාවට සහන

පසුගිය යල කන්නයේ වගා වලින් හානි සිදුවූ ගොවි ජනතාවට මෙවර මහ කන්නයේ ගොවිතැන් කටයුතු ආරම්භ කිරීම සඳහා හෙක්ටයාර් එකකට ඩීසල් ලීටර් 40ක් බැගින් නොමි‌ලේ ලබා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (19) දින සිට වී වගාව සඳහා ලබාදීමට නියමිත එම ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කරනු ලැබුවා.

අගුණකොළපැලැස්සේ පැවති වැඩසටහනක දී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා ගොවි ජනතාවට වවුචර්පත් නිකුත් කිරීම ඊයේ(19) දින සිදුකර තිබෙනවා.

පසුගිය යල කන්නයේ විශාල ලෙස වගා හානි වලට ලක්වූ වලව කළාපය, හම්බන්තොට දිස්ත්‍රික්කය හා කුරුණෑගල දිස්ත්‍රික්කය ඇතුළු වගා හානි සිදුවූ සියලුම ගොවීන්ට මෙම ඉන්ධන සහනාධාරය හිමිවන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

චීන රජය විසින් පසුගිය මහ කන්නයේ වී වගා කිරීමට නොමිලේ බෙදා දීම සඳහා ඩීසල් ලීටර් මිලියන 6.9ක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දුන් අතර එම ඩීසල් බෙදා දීමේ දී කුඩා ප්‍රමාණයන් ඇතැම් ගොවි ජනතාව විසින් ලබා නොගත් අතර ඒ යටතේ ඩීසල් ලීටර් මිලියන 02ක් ඉතිරිව තිබෙනවා

එසේ ඉතිරි වූ ඩීසල් ලීටර් මිලියන 02 වගා හානි සිදු වූ ගොවි ජනතාවට හෙක්ටයාර් එකකට ලීටර් 40 බැගින් බෙදා දීමට පියවර ගන්නා ලෙසට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දුන් බවයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය දන්වා සිටියේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?