ශ්‍රී ලංකාව ගැන ICC තීරණය අද
19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ පවත්වනවාද? නැද්ද?යන්න සම්බන්ධයෙන් සහ ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (21) දින තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.
අද දින අහමදාබාත් නුවරදි රැස්වන ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුව මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතයි.
මේ අතර ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර එහි පාලනය සඳහා පත් කළ අතුරු කමිටුව බලරහිත කරන ලෙස ක්‍රිකට් ආයතනය විසින් ගොනුකළ ඉල්ලීම සලකාබැලීම හෙට (22) දින දක්වා කල්තැබීමට අධිකරණය තීරණය කර තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

