Latestවිදේශීය

ගාසා වෛද්‍ය මධ්‍යස්ථාන වලට තවදුරටත් ඊශ්‍රායල් ප්‍රහාර

ගාසා තීරුවේ අල් ෂීෆා රෝහලට එල්ල කළ ඊශ්‍රායල් ප්‍රහාරයකින් පුද්ගලයන් දොළොස් දෙනකු මියගොස් ඇති අතර තම කාර්ය මණ්ඩල එම රෝහලෙන් පිටතට ගැනීමට නොහැකිව සිටින බව දේශසීමා රහිත වෛද්‍යවරුන් උපුටා දක්වමින් අල් ජසීරා පුවත් සේවය වාර්තා කර තිබේ.

අල් ෂීෆා රෝහලේ සහ ඉන්දුනීසියානු රෝහලේ සිය ගණනක් දෙනා කොටුවී සිටින බවත් ගාසා තීරය රාත්‍රිය පුරා ඊශ්‍රායල් ප්‍රහාරවලට තවදුරටත් ලක්වෙමින් පවතින බවත් වාර්තා වේ.

අල් ජසීරා පුවත් සේවයට අනුව 13,300 කට වඩා වැඩි පිරිසක් ඔක්තෝබර් 7 වැනිදා සිට එල්ල වූ ඊශ්‍රායල් ප්‍රහාර වලින් මිය ගොස් තිබෙන බව ගාසා හි රාජ්‍ය මාධ්‍ය සඳහන් කර තිබේ.

හමාස් සංවිධානය විසින් එල්ල කළ ප්‍රහාරවලින් 1200 ක පමණ පිරිසක් මිය ගොස් ඇති බව ඊශ්‍රායලය සඳහන් කර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?