Latestදේශීය

2024 වසර මැදින් මතුවන අළුත් බදුවලට සූදානම් විය යුතුයි -ධනනාත් ප්‍රනාන්දු

ලබන වසරේ අතරමැද අලුත් බදු පනවන්න ඉඩ තිබෙන බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසයි.

ඔහු සඳහන් කරන්නේ 2024 අයවැය තුළ වියදම් පෙන්වා තිබුනත් ආදායම් එන ආකාරය පෙන්වා ඇත්තේ අඩුවෙන් බවය. විශේෂයෙන් VAT බදු හරහා ආදායම් ලැබෙනු ඇති බවට ආණ්ඩුව අපේක්ෂා කරන ආකාරයක් පෙනෙන්ට ඇතැයිද ඔහු පවසයි.

ඉතිහාසයේ අත්දැකීම් අනුව සාමාන්‍යයෙන් ආදායම සිතනවාටත් වඩා විශාල ලෙස ලැබෙනු ඇති බවට අපේක්ෂා කළත් එම ප්‍රමාණයන් නොලැබෙන බවද අනෙක් පසෙන් වියදම් ක්‍රමයෙන් වැඩි වන බවද ඔහු පෙන්වා දෙයි.

මෙම වාතාවරණය අනුව, ලබන වසරේ අතරමැද නව බදු පැනවීමට ඉඩ ඇති බවද එසේ නොකරන්නේ නම් වෙළඳපොළෙන් ණය ලබාගැනීමට සිදුවන අතර එමඟින් පොලී අනුපාත ඉහළ යන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?