Latestක්‍රීඩාදේශීය

තිරුනායකී ශ්‍රී ලංකාව රනින් බබලවයි

විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිණියක වන 71ක් හැවිරිදි මුලතිව් හි මුල්ලියාවලෙයි ගම්මානයේ පදිංචි අකිලා තිරුනායකී පිලිපීනයේ පැවති මාස්ටර් මලල ක්‍රීඩා තරඟාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් ශ්‍රී ලංකාව ඉහළින්ම ඔසවා තබා ඇත.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ අකිලා තිරුනායකී මීටර් 1500 සහ 5000 ඉසව්වලින් රන් පදක්කම් දෙකක් සහ මීටර් 800 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වී තිබේ.

එමෙන්ම ඇය මීටර 400 ධාවන ඉසව්වේ සිව්වැනි ස්ථානයද හිමිකරගෙන ඇත.

ක්‍රීඩාවෙන් ලොවම බබළවන කතුන් අතර අකිලාගේ මේ දිනුම සමස්ත රටේම ජයග්‍රහණයකි. ඇයගේ ජයග්‍රහණය ලොව පුරා පුවත් මවන ජයග්‍රහණයක් ලෙසද ඉතිහාසයට එක්වි අවසන්ය.

ඇය මීට පෙරද තවත් පදක්කම් රාශියකට හිමිකම් කියන ක්‍රීඩිකාවකි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?