Latestදේශීය

ඖෂධ ඇනවුම් කළේ හිටපු අමාත්‍යවරයාගේ බලපෑමට

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ දැඩි බලපෑම නිසා ඇණවුම් නිකුත් කිරීමට තමන්ට සිදු වූ බවත් ඒවා නිකුත් කරනු ලැබුවේ දැඩි අකමැත්තෙන් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය අංශයේ සහකාර අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු සදහන් කර ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කරයි.

සිකුරාදා දිනයේ සෞඛ්‍ය ඇමති රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවක දී මේ බව සඳහන් කර ඇති බවත් සාකච්ඡාව සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නිලධාරීන්, වෛද්‍ය සැපයීම් නිලධාරීන්, ඖෂධ තත්ත්ව අධිකාරිය හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහභාගිව ඇත.

අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයකු තොග ගබඩා දොරටු වසා ආහාරපාන සපයා මෙය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් බැවින් ඉතා ඉක්මනින් ලබාදෙන ලෙසට සැපයුම් ඒකකයේ නිලධාරීන්ට බලපෑම් කර ඇති බවද මෙම සාකච්චාවේදී තොරතුරු අනාවරණය වී ඇතැයි වාර්තාවේ දැක්වෙයි.

ඖෂධ නීතිගත සංස්ථාවේ ඉහළ නිලධාරීන් පවසා ඇත්තේ පළමුවෙන් තමන්ට ප්‍රසම්පාදන ක්‍රියා කිරීමට කිරීමට බලපෑම් එල්ල වුවත් මේ සමස්ත ප්‍රසම්පාදනයට පරිබාහිරව සිදු කිරීමට තැත් කරන කාර්යයක් බැවින් තමන් ප්‍රසම්පාදන කටයුතු වලින් කල්තියා ඉවත් වූ බවත් එම නිසා ප්‍රශ්න වලින් තම ආයතනයට මිදීමට හැකි වූ බවත් පවසා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා එම සාකච්ඡාවේදී පවසා ඇත්තේ අමාත්‍යාංශය කෙරෙහි ජනතාවගේ විශ්වාසය බලවත් ලෙස බිදවැටී අප්‍රසාදයක් හා කලකිරීමක් ඇති බැවින් විනිවිදභාවයක් පාරදෘශ්‍ය භාවය ඇති කරගත යුතු බවය.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?