Latestවිදේශීය

ගැටුම අවසන් කිරීමට යුක්‍රේනය ගත් උත්සාහය බ්‍රිතාන්‍යය මැඩපැවැත්වුවා – යුක්‍රේන මන්ත්‍රී ඩේවිඩ් අරඛාමියා

රුසියාවෙන් පසුගිය 2022 මාර්තු මාසයේ යුක්රේනයට ඉදිරිපත් කළ සාම ගිවිසුම අත්සන් කිරීමට යුක්රේනය සූදානමින් සිටි නමත් එවකට බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් යුක්රේනය වෙත පැමිණ දිගටම සටන් කරන ලෙසත් මොස්කව් සමඟ කිසිදු ගිවිසුමක් අත්සන් නොකරන ලෙසත් යුක්‍රේන බලධාරීන්ට බල කළ බව යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කිගේ පාර්ලිමේන්තු කණ්ඩායමේ ප්‍රධානියා මෙන්ම ඉස්තාන්බු ල් හි සාම සාකච්ඡාවල ප්‍රධාන සාකච්ඡාකරු වන ඩේවිඩ් අරඛාමියා (David Arakhamia) පසුගිය 24 වනදා යුක්රේනයේ 1+1 රූපවාහිනී නාලිකාව ප්‍රකාශ කර තිබේ.

යුක්රේනය මධ්‍යස්ථව සිටීමට එකඟ වූයේ නම් රුසියාව සටන නැවැත්වීමට සූදානම්ව සිටි බවත් බටහිර රටවල් දිගන් දිගටම යුක්රේනයට දුන් උපදෙස් මත යුක්‍රේන පාර්ශවය රුසියාව විශ්වාස නොකළ බවත් ඔහු එහිදී අවධාරණය කර ඇත.

රුසියාවේ ඉලක්කය වූයේ යුක්රේනය නේටෝ සාමාජිකයෙකු නොවී මධ්‍යස්ථව කටයුතු කිරීම සඳහා බපෑම් කිරීමට බවත් වරක් ෆින්ලන්තය මෙන් යුක්රේනයද මධ්‍යස්ථභාවය පිළිගත්තේ නම් රුසියාව යුද්ධය අවසන් කිරීමට සූදානම්ව සිටි බවත් යුක්රේනයේ ඉහළම මන්ත්‍රී ඩේවිඩ් අරඛාමියා යුක්රේනයේ 1+1 රූපවාහිනී නාලිකාව සඳහන් කර තිබේ.

එසේ මධ්‍යස්ථභාවයට එකඟ වීම සහ නේටෝ සාමාජිකත්වය අත්හැරීම සිදුවන්නේනම් යුක්රේනයේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට සිදු වනු ඇති බවද යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කිගේ පාර්ලිමේන්තු කණ්ඩායමේ ප්‍රධානියා වන මන්ත්‍රී ඩේවිඩ් අරඛාමියා එහිදි සඳහන් කර ඇත.

ඉස්තාන්බුල්හි සාම සාකච්ඡා කඩාකප්පල් කිරීමේ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ භූමිකාව 2022 මැයි මාසයේදී යුක්රේන්ස්කා ප්‍රව්ඩා (Ukraynska Pravda) පුවත්පත මගින් අනාවරණය කළ බවත් ඔහු පෙන්වා දෙයි. එම වසරේ ජුනි මාසයේදී අගමැති ධුරයෙන් නෙරපා හරින ලද බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඇමරිකානු බුද්ධි මණ්ඩලයක රැකියාවක් හිමි වූ බවත් ඔහු පේනවා දෙයි. විශේෂයෙන්ම 2022 මැයි මාසයේදී යුක්රේන්ස්කා ප්‍රව්ඩා (Ukraynska Pravda) පුවත්පත මගින් අනාවරණය කළ, සාම ගිවිසුම ප්‍රතික්ෂේප කරන ලෙස බලපෑම් කිරීම සම්බන්ධ කරුණ ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුව හෝ බ්‍රිතාන්‍ය හිටපු අගමැති බොරිස් ජොන්සන් නිල වශයෙන් පිළිනොගත් බවත් මන්ත්‍රී ඩේවිඩ් අරඛාමියා අවධාරණය කරයි.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මෙම 2023 වසර මුලදී අප්‍රිකානු නායකයින් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ රුසියාව සහ යුක්රේනය අතර ස්ථිර මධ්‍යස්ථභාවය සහ ආරක්ෂක සහතික කිරීම් පිළිබඳ ගිවිසුමකට අත්සන් කිරීමට තුර්කියේ සත්කාරකත්වයෙන් පැවති සාකච්ඡාවලදී එකඟ වූ බවත් ඒ එකඟතාවය පරිදි රුසියාව කියෙව් නගරය අවටින් සිට හමුදාව ආපසු ගෙන්වා ගත් බවත්ය. කෙසේ වෙතත් යුක්රේනය එම ගිවිසුම ප්‍රතික්ෂේප කළ බවත් රුසියාවේ ඉවත්වීම යුක්රේන මිලිටරි ජයග්‍රහණයක් ලෙස බටහිර ආණ්ඩු සහ මාධ්‍ය විසින් හුවාදකවන්නට වූ බවත් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එහිදී පවසා ඇත. එමෙන්ම බටහිර රාජ්‍යයන් විසින් රුසියාවට පහරදිම සඳහා යුක්රේනයට බර අවි සහ උපකරණ ලබාදුන් බවත් පුටින් මෙහිදී අප්‍රිකානු නායකයින් හමුවේ පැහැදිලි කර තිබේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?