Latestදේශීය

වැඩකරන විරුවෝ දෙදෙනාගේ ට්‍රිලියන 10ක වැඩ

පලවාහරිනලද ජනාධිපති ගෝටාබය රාජපක්ෂ සහ පොහොට්ටු පක්ෂයෙන් පත්කරගන්නා ලද ජනාධිපති රනිල් වික්‍රමසිංහ යන දෙදෙනා යටතේ 2022 වර්ෂය තුළ රටේ මුළු ණය බර වැඩිවීම රුපියල් ට්‍රිලියන 10.552ක් හෙවත් රුපියල් කෝටි 1,055,200කින් ඉතිහාසයේ සුවිශාලතම ලෙස ඉහළ නංවා ඇති බව විගණකාධිපති වාර්ෂික වාර්තාව 2022 මගින් හෙළි වී තිබේ.

එම වාර්තාවට අනුව 2021 වර්ෂය අවසන් වනවිට රටේ මුළු ණය ප්‍රමාණය රුපියල් කෝටි 1,682,700කි. 2022 වර්ෂය වනවිට එය රුපියල් කෝටි 2,737,900ක් දක්වා ඉහළ ගොස් ඇත. එම විගණකාධිපති වාර්තාව අනුව මෙම ණය වැඩි වීම තව දුරටත් සන්සන්ධනාත්මකව විස්තර කර තිබේ. 2006 වර්ෂය අවසන් වනවිට රුපියල් කෝටි 243,100ක් වී තිබී ඇති අතර එය ලංකාව නිදහස ලබාගෙන ගෙවුනු වසර 58ක් පුරා ලබා ගත් ණයවල සමුච්චිත ශේෂය වෙයි. නමුත් 2022 වසරේදී පමණක් එම වසර 56ක ණය මුදල මෙන් සිව් ගුණයකටත් වඩා වැඩි ණය ප්‍රමාණයක් ලබාගෙන ඇත.

වැඩ කරන විරුවා යනුවෙන් තමන්ව හඳුන්වා ගනිමින් බලයට පැමිණි ගෝටාබය රාජපක්ෂ වසරක් තුළ ලබාගත් මෙම ණය අතිවිශාල ප්‍රමාණයට මුලපුරා තිබුණු අතර රනිල් වික්‍රමසිංහ යටතේද එය ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යනු ලැබීය. රුපියලේ අගය වේගයෙන් කඩාවැටීමට ඉඩ හැරීම නිසා මෙම ණය බරට අමතර විශාල ප්‍රමාණයක් එකතු වී තිබෙන්නේ මෙම පාලකයන්ගේ අමනෝඥ ක්‍රියා කලාපය නිසාය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?