Latestදේශීය

නීති විරෝධී අධ්‍යාපන ආයතනයේ තවත් 5ක් අත්අඩංගුවට

බම්බලපිටියේ ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බම්බලපිටියේ ලොරිස් පාරේ ප්‍රදේශයක මෙම ව්‍යාජ අධ්‍යාපන ආයතනය පවත්වාගෙන ගොස් තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23, 25, 26 යන වයස්වල පසුවන පුවක්පිටිය, පල්ලෙවෙල, දෙමටගොඩ, පොළොන්නරුව සහ මතුගම ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ 24 හැවිරිදි කාන්තාවක් මීට පෙර සැකපිට අත්අඩංගුවට ගත් අතර පසුව ඇයව ඇප මත මුදාහැරුණි.

සැකකාරිය ඊයේ (05) අලුත්කඩේ අංක 03 මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත එලෙස මුදාහැරීමට නියෝග කෙරුණි.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?