Latestදේශීය

පාර්ලිමේන්තුව විසුරුවයි? UNP කළමනාකරණ කමිටුවේ ඉන්නේ පුත්තලම් බූරුවෝ – මරික්කාර්

අයවැය විවාදය අවසානයේ පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමෙන් පසු නැවත නොකැඳුවා විසුරුවා හරනු ඇතැයි සැක මතුවී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සඳහන් කරයි.

සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

‘කෝප්කමිටුවේ සභාපතිවරයා ක්‍රිකට් පාලක මණ්ඩලය ගෙනාපු වෙලාවේ මමත් සාමාජිකයෙක් විදිහට මම තමයි දැක්කෙ හස්ත්‍ර මුද්‍රාව පෙන්වනවා, ඒ මතුවෙච්ච ගැටුමක් නිසා මතුවුන තත්ත්වයක් කෝප්කමිටුවේ සාමාජිකයන්ට එල්ලවුන විරෝධතා නිසා කතානායකතුමා කෝප්කමිටුව තාවකාලිකව නවතා තහනම් කරලා තියෙනවා. මේ බොරුව ජනතාවට තේරෙන්නෙ නෑ. මොකද වෙලා තියෙන්නෙ මේ දිනවල අයවැය තුන්වනවර කියවීම විවාදය පාර්ලිමේන්තුවේ තියන නිසා රාජ්‍ය ආයතන ගණනාවක් ගෙන්නන්න තිබ්බා. එතකොට අයවැය ඉවර වෙනකම් ගෙන්නන්නෙනෑ. එතකොට රාජ්‍ය ආයතන ගණනාවක්ම එන්නෙ නෑ. එතකොට වෙන්නෙ මොකක්ද එලිකරන්න නියතව තිබ්බ දූෂණ වංචා ජෝදනා ඔක්කොම යට ගහන එක. මේක කල් දාන එක, අද විජේවර්ධන පවුලේ පත්තරේ වුන ඩේලි මිලර් පුවත්පතේ තියනවා අයවැය විවාදය ඉවර වුණාට පස්සේ ආයෙ ලබන ජනවාරි මාසෙ තමයි පාර්ලිමේන්තුව කැඳවන්නේ කියලා.

පාර්ලිමේන්තුව කැදවන එක කෙසේවෙතත් පාර්ලිමේන්තු වාර අවසාන කරලා කල්තැබීමට සූදානමක් තියෙනවා කියලා පැහැදිලියි. ඒකෙන් මොකද වෙන්නේ කල් තිබ්බාම තව සති දෙකකට කල් කෝප්කමිටුව කො කමිටුව මුදල් කාරක සභාව සියලු කාරක සභාවන් අහෝසි වෙනවා. එතකොට අලුතින් පත් කරන්න ඕන. එතකොට රංජිත් බංඩාර අයින් පාර්ලිමේන්තු වාර අවසාන කරන්න ඕනද? මේක කරන්නේ කෝප් කමිටුවේ සභාපතිව අයින් කරන්න. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව කල්තබන බව පෙන්නලා කරන්නේ රජයේ මරමස්තාන වල සිදුවන රජයේ ඉහළපෙල අනුමැතිය සහිතව සිදුවන හොර මැරකම් වහලා දාන එක.

මට සැකයක් තියනවා පාර්ලිමේන්තු වාර අවසන් කරලා එහෙන්ම විසුරුවා හරියි කියලා. මොකද මේ පාර්ලිමේන්තුවට යන්න බෑ. මම හැමදාම කියනවා UNP එකේ කළමනාකරණ කමිටුවේ ඉන්න පුත්තලම් බූරුවෝ මොනවා කතා කෙරුවත් ඉස්සෙල්ලා එන්නේ පාර්ලිමේන්තු මැතිවරණය රජයටයි, කතානායකතුමාටයි කෝප්කමිටුව කල් තියන්න පුළුවන්, හැබැයි මේ ආයතන වල සිද්දවන හොරමැර වංචා ටික සදාකාලිකව වහලා දාන්නබෑ. ඒ නිසා අපි ඉතාම පැහැදිලිව කියනවා මොකද මීට පෙර තිබ්බා UNP එක නැතිනම් ශ්‍රී ලංකා එක , ශ්‍රී ලංකා එක නැතිනම් UNP එක තට්ටුමාරු කරන එක නතර කරලා එක්කෝ වම එක්කෝ දකුණ, දැන් ක්‍රමය මාරුකරලා. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ක්‍රමය පිළිගන්න පක්ෂය තමා බලයට එන්නේ. අපි පැහැදිලිව කියන්න ඕන ඊළඟට එන්නේ ප්‍රේමදාස ආණ්ඩුවක්. ප්‍රේමදාස ආණ්ඩු පතෝල වගේ ඉන්නෙ නෑ. මොකද ආණ්ඩුව තුළින් ජනතාව ඉල්ලන මූලික විසඳුම් දෙකක් තියනවා. පළවෙනි එක මේ තියෙන ආර්ථික ප්‍රශ්නයට විසඳුම් ලබාදෙන එක, දෙවන එක තමා ආර්ථික වශයෙන් මේ රට බංකොලොත් කරපු, රටේ දේපල මංකොල්ලකාපු, රටේ දේපල හොරාකාපු, මේ රට විනාශ කරපු දරුවන්ගේ අනාගතය නැතිකරපු දැන් අධිකරණය විසින් මූලික අයිතිවාසිකම් පනත ආශ්‍රයෙන් තීන්දු දීලා තියෙන මේ හොර කොමහරි ගෙදර යවන එක. ඒක වික්‍රමසිංහ ආණ්ඩුවෙන් වෙන්නෙ නෑ. රනිල් ජනාධිපති කරන්නෙ උන් එක්ක ගිහින් කේක් කන එක. ප්‍රේමදාස ආණ්ඩුව තුළින් අනිවාර්යයෙන්ම මේ අපරාධ වලට මඟ කියපු අයව හිරේ දාන වැඩේ කරනවාමයි.

මේ අයවැය විජ්ජාවක් වගේ අය නෑ වැය විතරයි. සාගලට කොළඹ ජන්ද ගන්න පාර කපන්න ඔප්පු දෙනවා කියලා බොරුවක් ගැහුවා. එක වියදමක්වත් කරන්න බෑ. ගිය අවුරුද්දෙ අයවැය යෝජනා කරලා තිබ්බ යෝජනා 120න් 80 ක්ම කරලා නෑ. අත තියලා නෑ. යෝජනා 30 ක් වත් භාගයක්වත් ඉවර කරලා නෑ.මේ අවුරුද්දෙත් ඊට සමාන ගානක් තියනවා. අයවැය යෝජනා කියන්නේ අනිවාර්යයෙන් එන ගණනක් නෙමෙයි. අපේක්ෂිත ආදායම හා අපේක්ෂිත වියදම. ගිය අවුරුද්දෙත් අපේක්ෂිත ආදායම ආවේ නෑ. බිලියන 2600 යි ආවේ. ඒ නිසා වියදම් කරන්න බෑ. ඒ නිසා අපේක්ෂිත ආදායම මේ පාරත් එන්නෙ නෑ.

වැඩි කරන්න තියෙන්නෙ බදු විතරයි. මේගොල්ලන්ට ආදායම එන එක වැඩ පිළිවෙළක්වත් නෑ.ජනාධිපති සතිඅන්තෙ විවිධ ප්‍රදේශවලට ගිහින් දෙන පොරොන්දු ඉටුකරන්න රුපියලක්වත් යොදවලද කියලා විශ්ලේෂණයකට යොදල බලන්න. රුපියලක්වත් වෙන්කරල නෑ. වගකීම් සහිත මාධ්‍යවේදීන් විදිහට ඔබලා මෙය සොයා බලන්න. ඉතින් කරන්නේ කොහොමද? ආදායමක් නැතුව. මේ අල්ලපල්ලේ ඉරිදාට පාර්ලිමේන්තුව දාගෙන වැඩි එක වැඩි කරන්න යන්නේ. 18% කින් නග්ගන්න යන්නේ. මේකෙන් වෙන්නේ හැම දේකම මිල ඉහළ යනවා. ඒකෙන් වලපල්ලට වැටිලා ඉන්න ජනතාවගේ පස් විතරයි දාන්න ඉතුරු වෙලා තියෙන්නේ.

අපිට ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්න වෙනවා. මම ක ඇමතිගෙන් ඇහුවා වැට් එක විදුලි බිලට එකතු වෙනවද කියලා. ඔව්ලු, හැබැයි වෙන ඒවයින් අඩුකරනවලු. විජ්ජාවන් විතරයි. ජනවාරි මාසයේ දෙපාරක් බඩුමිල වැඩි වෙනවලු. ඊළඟට අපිට අහන්න තියනවා ලංකාවේ විදුලි නිශ්පාදනයෙහි සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්ධන වලින් සිදු වන්නේ, එතකොට විදුලි පිරිවැය වැඩි නිසා තමයි කියනවා ගාණ වැඩි කරේ. හොරකම අඩුකරන්න උත්සහ කලේ නෑ.

ඇඹිලිපිටියේ තියනවා පුද්ගලික නිෂ්පාදන ආයතනයක්. හතරවෙනි වතාවටත් කො දි කරලා යුනිට් එ එකසිය ගණන් ගෙවනවා. මහදවල් හොරකම් මේවා. අහන්න කැමති ඉන්දන මිළ වැඩි උනොත් පිරිවැය වැඩි කියලා නැවත විදුලි බිල ඉහළ දානවාද? අපි කියන්න කැමති සමගි බල පෙරමුණ විදිහට මේවට විරුද්ධයි. අපට නව ආදායම් මාර්ග අවශ්‍යයි. එහෙම කරන්න තියෙන්නෙ ක්‍රම දෙකයි. ආයෝජකයන් දිරිගන්වලා මෙහේ ව්‍යාපාර අවස්ථා සලසා දීමයි. ඔවුන්ට උද්ඝෝෂණය වැඩවර්ජන නැතුව නි ව්‍යාපාර කර්මාන්තය කරගෙන යාමට ඉඩදීම. තුන්වන එක අපනයන අවස්ථා පුළුල් කිරීම. එදා ප්‍රේමදාස මහතා කර්මාන්ත දා කොට කිව්වා සුද්දන්ට ජංගි මහන්න මේ ආයතන දාන්නේ කියලා, අද ඩොලර් බිලියන 13 විතර එන්නේ සුද්දන්ට ජංගි මහන ආයතනවල අපනයන ලාභය ඒ බිලියන 13 නැත්තම් වලපල්ලට ගිහින්. විජ්ජාසිංහ ඇවිත් අවුරුදු එකහමාරක් ලෝකේ වටේ ඇවිද්දා. පටන්ගත්ත දෙයකුත් නෑ. අපි කියන්න කැමති පීඩනයෙන් මිරිකී ඉන්න ජනතාව සමඟ අපි පාරට බහිනවා. එනවා ජනාධිපති මන්දිරය ඉස්සරහට. එතුමා දන්නවා අපි පාරට බැස්සොත් මොනාද කරන්න ඕන කියලා. ඒ නිසා මේ බයියෝ එක්ක ඕන මඟුලක් කරන්න, අසරණ මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා. එහෙම කරනවනම් ජනවාරි මාසයේ අපි පාරට බැහැල එලවලම තමයි, අපි නවතින්නේ.

@ Media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?