Latestදේශීය

ශානි අබේසේකර ඝාතනය කරන්න අවශ්‍ය කාටද?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ඝාතනය කිරීමේ සැලසුමක් තිබෙන බව නීතිපතිවරයා අධිකරණය හමුවේ හෙළි කිරීමත් සමගම එම ඝාතන සැලසුම්කරුවන් කවුදැයි විශාල සාකච්ඡාවක් ඇති වී තිබේ.

අපරාධ පරීක්ෂකයෙකු ලෙස ශානි අබේසේකර රට තුළ මහත් ආන්දෝලනයකට හේතු වූ පරීක්ෂණ රැසක් සිදු කරනු ලැබීය. මේ අතර ප්‍රධාන වී තිබෙන්නේ රාජපක්ෂ පවුලේ සාමාජිකයින් සම්බන්ධතාවයක් තිබෙන ඝාතන, නාවික හමුවේ හිටපු ඉහළම නිලධාරීන් සම්බන්ධ වී තරුණයින් 11 දෙනෙකු කප්පම් ගැනීමට පැහැරගෙන ගොස් ඝාතනය කිරීම, මත් ද්‍රව්‍ය ජාවාරම පිටුපස සිටින දේශපාලඥයින් හෙළිකර ගැනීම සඳහා මේ සියල්ලටම වඩා විශේෂයෙන් පාස්කු ප්‍රහාරය සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මූලිකයන් සෙවීම ඇතුළු ඉතා වැදගත් විමර්ශන ගණනාවක් පවතී.

නීතිපතිවරයා අධිකරණය ඉදිරියේ තහවුරු කර ඇති ආකාරයට ශානි අබේසේකර ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය දියත් කර තිබෙන්නේ කවුදැයි මේ වනවිටත් සොයා ගෙන ඇති බව පැහැදිලි වේ. නමුත් එය රට හමුවේ හෙළිදරව් නොකර ජනතාවගෙන් වසන් කරමින් සිටී.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?