Latestදේශීය

ඊශ්‍රායලයට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 150 ක්

ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සඳහා පිටත්ව ගිය පළමු ශ්‍රී ලංකා ශ්‍රමික කණ්ඩායම ඊයේ (20) ඊශ්‍රායලය වෙත ළගා වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරනවා.
අදාළ කණ්ඩායමට සාමාජිකයන් 100ක් ඇතුළත්.පළමු කණ්ඩායමට අයත් සමස්ත පිරිස 150 ක් වන අතර ඉතිරි ශ්‍රමිකයන් 50 දෙනා ලබන 24 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ඊශ්‍රායලය සමග ඇති කරගත් ගිවිසුම අනුව වසර 5 යි මාස 3 ක කාලයක් ඔවුන්ට එරට රැකියාවල නිරතවීමට අවසර හිමිවනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේ ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රි ලංකා රජය වෙනුවෙන් කාර්යාංශය විසින් පුද්ගලයින් යොමුකරන අතර, රැකියා ලාභීන් තෝරාගනු ලබන්නේ ලොතරැයි ක්‍රමවේදයට අනුව බවයි.ඊශ්‍රායලයේ ෆීබා ආයතනය විසින් පමණක් මෙම තෝරාගැනීම සිදු ජරනු ලබනවා.

එලෙස තෝරාගනු ලබන පුද්ගලයින්ගේ ඉදිරි කටයුතු කාර්යාංශය විසින් සිදුකර ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත් කරනු ලබනවා. රජයන් දෙක සමග පවත්නා අවබෝධතා ගිවිසුම අනුව මෙම රැකියා අවස්ථා හිමිවන බැවින් මෙම රැකියා සඳහා ශ්‍රමිකයින් බඳවා ගැනීමට වෙනත් කිසිඳු පුද්ගලයෙකුට අවසර ලබා දී නොමැති බව ද සඳහන්.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?