Latestදේශීය

රනිල්ට ජනාධිපතිකම – මන්ත්‍රීලාට නිවාස

පොහොට්ටු මන්ත්‍රීලාගේ ඡන්දයෙන් ජනාධිපති ධුරයට තේරී පත්වීම සඳහා එම මන්ත්‍රීවරුන්ට මානසික අල්ලස් ලෙස නාගරික සංවර්ධන අධිකාරියට අයත් පන්නිපිටිය නිවාස සංකීර්ණයෙන් ලබා දී ඇති නිවාස වෙනුවෙන් කුලිය මෙතෙක් අය කරගෙන නැති බවත් ජලය, විදුලිය හා ගෑස් සඳහාද ගෙවීම් නොකර සිටීමට අවස්ථාව ලබා දී ඇති බවත් අනාවරණය වේ.

පොහොට්ටු මන්ත්‍රීවරුන්ට මෙම නිවාස ලබා දී තිබෙන්නේ 2022 ජූලි මස 16වෙනි දින නිකුත් කරන ලද අංක 22/0970/502/019 දරණ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක අනුමැතියෙන්ය. මෙම නිවාස ලබාදී ඇත්තේ පාර්ලිමේන්තුවෙන් ජනාධිපති තෝරා ගැනීමට දින 04කට පෙරය. මන්ත්‍රීවරු 101 දෙනෙකු වෙනුවෙන් නිවාස ලබා දී ඇති අතර ඒ වෙනුවෙන් අයවිය යුතු රුපියල් හයකෝටි අනූ ලක්ෂයක (රු. 69,000,000) කුලිය නිවාස සංවර්ධන අධිකාරියට මෙතෙක් අයකරගෙන නැත. එම කුලිය මෙම වසරේ ජූලි මාසය වනවිට ගෙවා නොතිබූ අතර අදාළ කාලය තුළ විදුලිය, ජලය සහ ගෑස් සැපයීම වෙනුවෙන්ද රුපියල් දසලක්ෂයක මුදලක් ගෙවා නැති බව විගණකාධිපතිගේ වාර්තාවකින් හෙළි කර තිබේ.

නාගරික සංවර්ධන අමාත්‍යාංශය, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අතිශය සමීපතමයෙකු ලෙස මේ වනවිට ක්‍රියා කරන ප්‍රසන්න රණතුංගට ලබාදී ඇත.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?