Latestදේශීය

සුනාමියට වසර 19යි

ශ්‍රී ලංකාව සුනාමි ව්‍යසනයට මුහුණ පා අද (2023/12/26) දිනට වසර 19ක් සම්පූර්ණ වේ.

සුපුරුදු පරිදි වසරක් පාසා සිදු කරන සුනාමියෙන් මියගිය අය සිහිපත් කරන විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

සුනාමි විපත සිහිකරමින් සෑම වසරකම දෙසැම්බර් 26 දිනය “ජාතික සුරක්ෂිත දිනය” ලෙස නම් කර ඇති අතර දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් මෙම සැමරුම් වැඩසටහන් පැවැත්වේ.

මෙහි ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල, පැරෑලිය “සුනාමි ස්මාරකය” අභියස දී අද උදෑසන පැවැත්වීමට නියමිතය.

එසේම අද පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මිය ගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කිරීම සදහා දිවයින පුරා විනාඩි දෙකක් නිහඬව සිටීමද සිදු වේ.

සුමාත්‍රා ආසන්නයේ සිදු වු භුමි කම්පාවක් හේතුවෙන් 2005 හටගත් සුනාමි ව්‍යසනයෙන් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ දිස්ත්‍රික්ක 14කට දැඩි හානි සිදුවූ අතර ඉන් ආසන්න වශයෙන් 35,000ක් පමණ මිය ගිය අතර තවත් 5000ක පමණ ඉන් අතුරුදන් වූහ.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ රතු තරුව සහන සේවා බලකාය පූර්ණ මැදිහත් වීමක් කරමින් ව්‍යසනයෙන් කම්පනයට පත්වූවන්ගේ මානසික තත්වය ගොඩ නැංවීම, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම, සෞඛ්‍ය සායන පැවැත්වීම අතුළු ශ්‍රම මෙහෙයුම් සිදුකරණු ලැබීය. එසේම නිවාස සංකීර්ණ ගොඩනැගීම දක්වා මෙහෙයුම්ද සාර්ථක දියත් කරන ලදී.

පොදු මහජන සේවාවන් සඳහා ගාල්ල බස්නැවතුම්පොළ ඉතා අධික මුදලක් වැය කිරීමට සිදුවේ යැයි ගණන් බලා තිබියදී රතු තරුව විසින් රුපියලක් ලක්ෂ 4ක් වැනි වියදමකින් අංග සම්පූර්ණයෙන්ම ඉදි කරණු ලැබීය. එමෙන්ම දකුණු දුම්රිය මාර්ගය නැවත ඉදිකිරීමට වසර දෙකකට වැඩි කාලයක් ගතවේ යැයි ජාත්‍යන්තර ආයතන තක්සේරු කර තිබියදී දින 57කින් මෙරට දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය රතු තරුව සහන සේවා බලකාය සහ ජනතාව මුල්වී ඉදිකිරීම සුවිශේෂී ජයග්‍රහණයන් අතර තිබේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?