Latestදේශීය

මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි ලක්ෂ 15ක වීසා ජාවාරමක – විතාරන්දෙණියේ කස්සප හිමි

තමන්වහන්සේගේ අත්සන ව්‍යාජ යොදාගනිමින් රුපියල් ලක්ෂ 05 සිට 15 දක්වා මුදලක් අය කරගෙන මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි විසින් වීසා ජාවාරමක් සිදු කර ඇති බවට මහා බ්‍රිතාන්‍යයේ උප ප්‍රධාන සංඝනායක මෙන්ම බර්මින් බෞද්ධ මහා විහාරයේ විහාරාධිපති විතාරන්දෙනියේ කස්සප හිමි චෝදනා කරයි.

ලන්ඩන් නුවර වෙනෙස මෙම හිමියන් වීඩියෝ පටයක් නිකුත් කරමින් මෙම ජාවාරම පිළිබඳව ලෝකයට හෙළි කර තිබේ. එයට පෙර මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමියන් පවත්වාගෙන යන මෙම ජාවාරම පිළිබඳව පොලිස්පතිට ලිඛිතව පැමිණිල කර ඇති බවත් ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබුණත් දැන් මාස කිහිපයක සිට කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත බව වැඩිදුරටත් සඳහන් කරයි.

මැඩිල්ලේ හිමියන් වෙනත් හිමිවරුන්ගෙන් මෙම මුදල් ලබාගෙන වීසා ලබා දී ඇති බවත් නිසි පරීක්ෂන පවත්වන්නේනම් සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීමට හඬපට ගණනාවක් තිබෙන බවත් මෙම වීඩියෝ පණිවිඩයෙන් වැඩිදුරටත් දක්වා ඇති අතර නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් බලවත් ගැටළුවක් පවතින්නේ යැයි මහා බ්‍රිතාන්‍යයේ උප ප්‍රධාන සංඝනායක මෙන්ම බර්මින් බෞද්ධ මහා විහාරයේ විහාරාධිපති විතාරන්දෙනියේ කස්සප හිමියෝ අවධාරණය කරති.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?