Latestදේශීය

උසස් පෙල විභාගය – ප්‍රවේශපත්‍රයේ කාලසටහන පමණක් බලන්න

මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අයදුම්කරුවන්ගේ විභාග කාලසටහනේ සුළු වෙනස්කමක් සිදු වී ඇති බවත් ප්‍රවේශපත්‍රයේම දක්වලා ඇති කාලසටහන හැර වෙනත් මූලාශ්‍රවලට නොයන ලෙසත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සියලුම උසස්පෙළ සිසු සිසුවියන් වෙත නිවේදනය කර සිටි.

ඒ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ,

“මෙවර අලුත් විෂයයක් එකතු වෙලා තියෙනවා. කොරියානු භාෂාව. ඒ විෂය එකතු කිරීමට යෑමේ දී කාලසටහනේ පුංචි වෙනස්කම් කිහිපයක් සිදු කරන්නට වුනා. ඒ නිසා මම සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා පෙර පැවති කාලසටහන පාවිච්චි කරන්නට එපා. මොකද සමහර වෙබ් අඩවිවල මේ කාලසටහන වැරදි විදියට දක්වලා තියෙන්න පුළුවන්. ඒ නිසා අපේක්ෂකයින්ට පහසු වෙන්න අපි ප්‍රවේශපත්‍රයේම මේ කාලසටහන දක්වලා තියෙනවා. ඒ නිසා කිසිදු වෙනත් තොරතුරකට යන්න අවශ්‍ය නෑ. ඔබේ ප්‍රවේශපත්‍රය ගත්තහම ඒකේ වෙන්කර ගන්න කොටසක් තියෙනවා. ඒ කොටසේ ඔබ ඉල්ලුම් කළ විෂයයන්වලට අදාළ දිනය විෂය අංකය, මොන පත්‍රය ද, මාධ්‍ය, ඒ විෂය පැවැත්වෙන වේලාව සඳහන් කර තිබෙනවා. එය ප්‍රමාණවත්. ඔබ වෙන කිසිදු දෙයක් සොයන්නට අවශ්‍ය නෑ කාලසටහන පිළිබඳව…” යනුවෙනි.

එමෙන්ම රටේ යම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන්ද විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ ආපදා කලාපවල පිහිටි උසස් පෙළ විභාග මධ්‍යස්ථාන වෙනුවට විකල්ප පාසල් යොදා ගන්නා බවයි. එම ආපදා ප්‍රදේශ අතරින්, අනුරාධපුර, පොළොන්නරුව, කැකිරාව, මඩකලපුව, අම්පාර, හසලක, පස්සර යන ප්‍රදේශ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන බවද ඔහු කියා සිටී.

ඒ සම්බන්ධයෙන් ඔහු පවසන්නේ,

“සියලු දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා, අවසන් මොහොත වෙනතුරු ඉන්න එපා. තමන්ගේ මධ්‍යස්ථානයට යන්න බාධාවක් තියෙනවා දැයි සොයා බලන්න. එහෙම තියෙනවා නම් ළඟම තියෙන කලාප කාර්යාලයට, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්ෂණික අංකයට කතා කරලා විභාගයට යන්න අවශ්‍ය පරිසරය සකස් කර ගන්න. එවැනි තත්ත්වයක් නැති තැන්වල වුණත් විභාග මධ්‍යස්ථානයට කල් ඇතිව යන්න. ඔබට පුළුවන් අවශ්‍ය නම් යම් අධ්‍යයනයක් සිදු කරන්න. ඒ ශාලාධිපතිවරු ඔබගේ සටහන් ඉවත් කරන්න කියන තුරු අධ්‍යාපන කටයුතු කරන්න. විභාගය ලිවීමට අවශ්‍ය මානසික වාතාවරණය ඇති කර ගන්න කියලා ඉල්ලීමක් කරනවා…” යනුවෙනි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?