Latestදේශීය

හරීන්ගේ කයිවාරු කෝටියයි – ක්‍රිකට් තහනම එහෙමමයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පනවා තිබෙන තහනම් නියෝග මේ දක්වා ඉවත් කර ගැනීමට ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු ඇතුළු ආණ්ඩුවට නොහැකි වී තිබීම පිළිබඳව ක්‍රීඩා ලෝලීන්ගේ බලවත් විරෝධය එල්ල වෙමින් තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඇතුළු පිරිස මූලික වී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට කරුණු ඉදිරිපත් කිරීමෙන් තහනම් නියෝගයක් පනවනු ලැබීය. හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැටුමක පැටලීම අවසන් කරනු ලැබුවේ මෙරටට ක්‍රිකට් තහනමක් පැනවීමෙන් ය. රොෂාන් රණසිංහ ක්‍රීඩා ඇමති ධුරයෙන් නෙරපා හැර හරීන් ප්‍රනාන්දු පත් කිරීමත් සමඟ මෙරටට පනවා තිබූ තහනම ඉවත් කර ගත හැකි බවට ආණ්ඩුවේ ප්‍රකාශකයන් පුන පුනා පැවසීය.

එහෙත් මේ වනවිට වාර්තා වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු කර තිබෙන බරපතළ වංචා දූෂණ අක්‍රමිතා සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා නිකුත් කර තිබෙන වාර්තාව පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විමර්ශනය කරමින් සිටින බව ය. එසේම, මෙරට පාර්ලිමේන්තුවේදී ක්‍රිකට් සම්බන්ධයෙන් හෙළිකර තිබෙන කරුණු ද එම කවුන්සිලයේ විමර්ශනයට භාජනය වී ඇති බව අනාවරණය වෙමින් තිබේ. ක්‍රිකට් ඇතුළු මෙරට සමස්ත ක්‍රීඩාවේ දූෂණ විරෝධි ගැලවුම්කරවා ලෙස පෙනී සිටි හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මේ වනවිට නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමේ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?